නුඹට හිතැති නුඹ හිත නැති හිත.......

අපි හැමෝටම ජීවිතේ හැබෑ කරගන්න බැරි වුනු ආදර කතාවක් තියෙනවා.... ඇස් ඉස්සරහා පෙනි පෙනී ඉන්න හීනය තමන්ගේ කරගන්න බැරි උනාම දැනෙන වේදනාව කාලයක් යනතුරා දරාගන්න අමාරුයි....
හිත සෑහෙන්න කඩන් වැටෙනවා... නුඹ ළඟ මං ගැන ආදරයක් නැති උනත්  හිත නතර උනේ නුඹ ළඟ.... කෙනෙක් ජීවිතයට ආදරයක් හොයන්නේ තනිකම මකාගන්න,තමන් වෙනුවෙන් කෙනෙක් ලඟ ඉන්නවා කියලා හිත සනසගන්න,ජීවිතේ දුක සතුට බෙදාගන්න....ඒ හැම දෙයක්ම නුඹ ළඟ තියෙන්නේ දැන්.... මං ගැන නුඹට හිතක් නැති උනත් මම හරි අසරණයි දැන්.... මං ගැන හිතක් නැති නුඹ මගේ හිතට ඇහුම්කන් දෙන්නෙත් නැහැ...

හිත සනසගන්න රෑ සිහිනෙන් මවන හීන ඇස් අද්දරින් ගලන් යන්නේ හිතේ දුක අඩුකරගන්න....
මගේ හීන ලෝකෙට පාර හදන්න පුලුවන් නුඹටම විතරයි.... මගේ හිතේ විශ්වාසයක් නැහැ තවත් කෙනෙක් මේ ලෝකෙ ඇති කියලා ඒ දේ කරන්න පුලුවන්.... මගේ නොවෙන නු
ට මං ගොඩාක් ආදරෙයි හැමදාමත්....

නුඹට හිතැති නුඹ හිත නැති
හිතක් හඬනවා
මට හිත නති උනත් නුඹෙන්
හෙටක් පතනවා.....

ගමක කඳුලු නුඹේ නමින් නෙතින් ගලනවා
රෑ සිහිනෙන් පෙම් දිව සලු හිත දැවටෙනවා.....

ආදරයෙන් පිරුනු ලොවක් ඇතැයි හිතෙනවා
එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා.............

ගායනය - එඩ්වඩ් ජයකොඩි

Comments

  1. //අපි හැමෝටම ජීවිතේ හැබෑ කරගන්න බැරි වුනු ආදර කතාවක් තියෙනවා.... ඇස් ඉස්සරහා පෙනි පෙනී ඉන්න හීනය තමන්ගේ කරගන්න බැරි උනාම දැනෙන වේදනාව කාලයක් යනතුරා දරාගන්න අමාරුයි....//

    ඇත්ත...... හැමොටම එහෙම එකකත් තියෙනවාමයි.......

    http://hudekalasithuwili.blogspot.com/2015/09/blog-post_21.html#more

    ReplyDelete
  2. ලස්සනයි..............

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව