ටිං කැඩිල්ල

මම එතකොට ඉස්කෝලේ 8 වසරේ , ලොකු මල්ලි 5 වසරේ .... චූටි එකාට යන්තම් වයස 2ක් ඇති ..... අපේ තාත්ත නෙවෙයි අපිට ගෙදරින් එලියටවත් බහින්න දෙන්නේ ..... අපේ ගෙට උඩහ ඔෆිස් එකක් තිබුනා ... ඔතනට තමයි ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික එකතු වෙන්නේ සෙල්ලම් කරන්න ..... මමයි ලොකු මල්ලියි හෙන ආසයි ඉතිම් සෙල්ලම් කරන්න යන්න .... ඒත් තාත්තා යන්න දෙන්නේ නෑ අපිට .... ඕකට මම හොඳ උප්පර වැට්ටියක් හොයාගත්තා ..... ඒ තමයි චූටි මල්ලිව එලියට එක්කන් යනවා කියලා උගේ පිටි දාල මාත් සෙල්ලම් කරන්න යන්න .... ඇත්තටම අම්මලා ඒ කාලේ ගත කරපු කලබල ජීවිතයත් එක්ක මම තමයි මල්ලිව බලාගත්තේ ..... ඌට ඒ කාලේ ඇවිදින්නවත් බෑ හරියට .... පරිස්සම් කරන්න ඕනි , වැරදිලාවත් වැටිලා තුවාලයක් එහෙම උනොත් මම එදාට වසලා හමාරයි ..... කොහොම හරි පොඩි එකත් වඩන් මාත් යනවා සෙල්ලම් කරන්න .... ඌව කොහෙන් හරි බිමකින් වාඩි කරවලා අරලිය මල් ඩෙහ්ක තුනක් අතට දුන්නම ඌ එක තැනකට වෙලා ඉන්නවා .... මමයි මල්ලියි සෙල්ලම් කරනවා ... එහෙම නැත්නම් යාලුවො කවුරු හරි සෙල්ලම් කරන්නේ නැති එකෙක් මල්ලිව බලාගන්නවා ... අපි ඒ දවස් වල කලේ ටිං කැඩිල්ල .... ටිං කඩනවා කියන්නේ ටින් බෙලෙක්ක සෙට් එකක් එකක් උඩ එකක් තියලා කට්ටිය කන්ඩායම් දෙකකට බෙදිලා එක කන්ඩායමක් අර ටින් සෙට් එකට බෝලෙකින් ගහල පෙරලල දානවා ..... පස්සේ ඒ කන්ඩාම ආයේ ටිං සෙට් එක තිබ්බ විඩියටම හදන අතර තුර අනිත් කන්ඩායම බෝලෙන් ගහලා හදන පිල අවුට් කරනවා .... ඕක තමයි සරලව වෙන සීන් එක .... හරි සුන්දරයි ඒ කාලේ ..... ගොඩක් වෙලාවට මායි ලොකු මල්ලියි එක පිලේ , සමහර දාට චූටි මල්ලි අඬනවා ... එදාට ඉතිම් මට සෙල්ලම් කරන්න වෙන්නේ නෑ ..... මම පොඩි එකා එක්ක අනිත් අය සෙල්ලම් කරනවා බලන් ඉන්නවා ...දහම් පාසලේ මගේ පන්තිය භාර අයියත් සෙල්ලම් කරන්න එනවා ඒ කාලේ .... මට මතකයි එක සැරයක් අපි සෙල්ලම් කරද්දි අයියා කෙනෙක්ගේ ඔලුව පැලුනා ... එදා කොහොම හරි මුලු සෙට් එකම එයාගේ තාත්තාගෙන් කුනු බැනුම් අහගත්තා ... එදායින් පස්සේ ඌව සෙල්ලම් කරන්න එව්වෙත් නෑ .... සෙට් එකේ හිටපු පොඩිම ලමයි තම්යි අපි ... අයියලා වැඩියි .... මම ක්‍රිකට් වලට ආස නෑ , මොකක්දෝ හේතුවකට අපේ සෙට් එකත් ක්‍රිකට් ගහන්නෙම නෑ .... ඕප දූප කියවනවා , හෙන ආත්ල් ඉතිම් ... ඔෆිස් එක මුටර හිටිය මනුස්සයට අපි කිව්වෙ කිඹුලා කියලා ... ටිකක් මොන්ගල් ඒ මනුස්සයට .... ඌ කැමති නෑ අපි ඔෆිz එකේ සෙල්ලම් කරන්න එනවට ... ඒත් ඔෆිz එකේ ලොක්කා අවුලක් නැති නිසා ඌ සද්ද නැතිව හිටියා .... ඔෆිz එකේ වත්තේ කජු , අන්නසි තිබ්බා ... අපේ තාත්ත පිට ඔව්වා කන්න දෙන්නේ නෑ ඒ කාලේ ... අපි ඉටිම් යාලුවෝ සෙට් එකත් එක්ක හොරෙන් කනව කජු පුහුලන් එහෙම .... අපි හවස 6 වෙද්දි ගෙදර යන්න ඕනි .... පොඩ්ඩ පරක්කු උනොත් කෝටුව අරන් තාත්තා එනවා ...කොහොම හරි දවසක් අපි ඔහොම පරක්කු වෙලා තාත්තා කෝට්ටහ් අරන් ඇවිත් මට නෙලුව හොඳටම , එදා ඉඳන් සති ගානක් මම සෙල්ලම් කරන්න ගියේ නෑ ලැජ්ජාවට ....පස්සේ කාලයත් එක්ක අපි සෙල්ලමට යන එක අඩු උනා ... අයියලා එකා දෙන්නා කසාද බඳින්න ගත්තා ,සමහරු රස්සා වලට ගියා .... ඒ සෙට් එකේ ගොඩක් අය දන් මැරීඩ් .... බබාලත් ඉන්නවා ... ඒත් ආයෙත් ආසයි කට්ටිය එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න ....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව