සොඳුරු මිරිඟුව
අඳුරත් අරන් මීදුම හිනැහෙන යාමෙක සෙවනැල්ලටත් හොරෙන් ගමන් ගිය කාලෙක තනිවූ මං හීන ලෝකෙක ඔබත් එක්කලා අඳුරු කුටියක සිසිල උණුහුම එකට මිතුරුව මැවූ ඒ සොඳුරුතම අරුමය මුලාවක් බව දැනෙනවිට මට පමාවී ඇත නොදැන නුඹ ගැන මිරිඟුවට ඇද ගමන දිගුකර මාව රවටන මගේ හිත නුඹ තාම මං ලඟ වේදනා දෙන සොඳුරු මිරිඟුව නුඹම තමයි...