Posts

Showing posts from April, 2016

හිනැහෙමු දවසක...

ඇස් අගට කඳුලු පුරවන් හිනැහුනා නුඹ කඳුලු අතරින් කඳුලු බිඳු මං දුටුවත් ගොලුයි වදනුත් මගේ ඉන්න බෑ මට යන්න අවැසියි ආ දුරත් දැන් වැඩි වගේ සමා වුව මැන යන්න යමි මම මගේ පාරේ හිතුමතේ දෙදෙන අත අප වැරදි තිබුනා ඔබද මා මෙන් එය දනියි ඉතින් හිනැහෙමු ආයෙ දවසක උනුන් මුහුනට මුනගැසී.......