Posts

Showing posts from 2016

ඉඩක් දෙනවද මෙමට....

අවසරද තවම මට හිත ඇතුලේ උනුහුමට තනිකම මකාගන්න නුඹේ පැලට ගොඩ වෙන්න නාඹර වු හිත නටන නුඹේ ආදර බහට උමතුවී සොයා එන සෙවන නුඹමයි මටම සිහිල ගෙනෙනා සුලඟ සුවඳ මල් වතු මැදින හමායන ජීවිතය විඳින්නට ඉඩ හරින හිමි නැතිද ඉඩක් මට නුඹේ ඔය සෙවන යට හිඳින්නම් ඉඩ ඇතොත් මැරෙනකල් නුඹ ලඟම....

මුතු.........

නිහඬවම ඉකි බිඳින බිඳුනු හද පාමුලට කඳුලු මුතු ඉහිරිලා තවත් එක රටාවක ඇඳුනු ඒ රූපයට බැඳුනු හිත නොකියාම බිඳුනු බව තේරුනේ කකුල මගේ කැපුනාම වැටෙන ලේ බිඳු බිමට රතු පාට දිලිසෙන්න කඳුලු මුතු සරසලා ඒ මතට දිලිහෙන්න අමුනන්න මුතු පොටක ඒ කඳුලු අතට ගෙන රතු පාට ගෑවිලා මුතු කැටේ කොටසකට රතු පාට මගේ ලේ කඳුලු මුතු සරසවන මොනවදෝ වචන ඇත ලියවිලා හීනියට හොඳින් මා බැලූ කල කියා එහි ලියූ දෙය මට නුඹව අවැසි බව කුඩා මුතු අකුරු වල නුඹට එය නොපෙන්න අමුනලා මුතු එකට විසිකලා මුහුදටම ආයේ ගොඩ නො එන ලෙස....

නියඟය....

ගිනි අරන් දැවෙන හිත පැතුම් මල් දවාගෙන නිවන්නට දැවෙන හිත පොදක් නැත වහින්නට ඉඩෝරෙට ඉරිතැලුනු ගැඹුරු පපු කුහරෙ යට රිදුම් දෙයි වේදනා වියලි රලු පොලව මත මිය ඇදුනු සෙනෙහසේ  මුදුන් මුල්තව යටට දිරුනු කඳ හිඳිනවා මුකුත් නොවුනා විලස දිය සිඳුනු වැව් තලේ පුන්චි දිය කඩිත්තක හිඳිනවා මසුන් තව පණ කෙන්ද රැක ගන්න ඉතිරි දිය බිඳත් තව දින දෙකක සිඳී යන ඉතින් අවසන්ව යයි ජීවයද නියඟයට....

දිනුම...

දුර ඉඳන් බලන් හිටි උඹ දැන් ඉතින් ලඟටවිත් මා ලඟින් මුමුනලා සොඳුරු සිහිනයක් නම් සිල් බිඳන් නුඹේ නම් මමයි දිනුවේ ඉතින් නුඹත් පැරදුමක් නැති දිනුමක්ම ලැබූවෙකි හිතින් බැඳිලා ඉතින් ගතින් නම් දුරයි තව පලමු පියවර අපේ තවම නොඉඳුල් ඉතින් තවත් දුර ඇති අපට යන්න හිත වෙර අරන් ඉතින් යමු අපි අපේ ලොවක් වෙත සතුටින්ම ....

අපැහැදිලි මතක....

දැන් ටිකක් කල් ඉතින් මතකයක් අපැහැදිලි ඒත් මට මතකයි එදා උඹ ආ හැටි හෙමි හෙමින් අඩි තියන් මං ලඟට ඇවිදින් යමුද අපි ඇසූ හැටි සිහින් නොඇසෙන ලෙස ඉතින් හුලඟ එක්ක පියාඹන උඹේ ඔය හිසකේ අතින් අල්ලා බලන්නට හිතුන හැටි මතකයි .... කන්ද උඩ බෝඩිමට යනකොටත් මට නම් හිතේ පොඩි බයකුත් නොතිබුනා නොවේ නම් නොහික්මුනු හිත නුඹ ලඟින් හිඳ රකින සිල් නුඹේ අතින් අල්ලන් තිබුනේ නෑ එහි කහට පැල්ලම් ගෙවූ ඒ අපේ පලමු දවසෙත් බැඳුන දෑඟිලි රනින් නැතුවට පැටලුනා ඒ සොඳුරු දවසෙදි අදත් මං ලඟ මතක සමරුව උඹේ මතකය එක්ක ඇඳ යට මටත් රහසින් පලමු පෙම්වත සමඟ නුඹ ඒ වින්ද සිහිනය වැරදි නොකියමි තවත් මං අද වරද මා අත නොතිබුනා නොව අදත් ඉඳ හිට සිහිවෙනා නුඹ වෙතින් කෙටි පනිවිඩ ලැබෙයි මාවෙත උනුන් අපහට නැතිවෙලා අද අහවරයි අප දෙදෙනටම අද ....