ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!



හදිස්සියෙම අම්මා කඩේ ඉඳන් කෝල් එකක් ගත්ත

"
චූටි මල්ලිට උඩ තට්ටුවට යන්න දෙන්න එපා"
"
ඇයි මේ ??"
"
අනේ පුතේ ආනන්දේ 8 වසරේ දරුවෙක් ටිපර් එකකට යට වෙලා දැන් ටිකකට කලින්,එතනම නැතිවෙලා"

ඒක ඇහුවම මගෙ හිතත් අවුල් උනා ,එහෙමම මම චූටි මල්ලිට කතා කරල පල්ලෙහාට ගෙන්නගත්ත.
හිතට හරි අප්සෙට්

හවස් වෙද්දි අම්ම ගෙදර ආව, මල්ලි දෝනිලගෙ වයසෙ එයාල එක්ක ඉඳපු ළමයෙක්ලු මට හරි පවු කියල හිතුන.වෙලා තියෙන්නෙ ලමයව ටිපර් එකට හැපුනම උනාම ලමය මහ හයියෙන් කෑගහල,ඒකට බය වෙලා ටිපර් එකේ ඩ්රයිවර් එහෙමම ටිපර් එක අරන් ඇවිත් තියෙන්නෙ පොලිසියට.


ඒත් වෙලාවේ තමයි ටිපර් එක ලමයගෙ ඔලුව උඩින් ගිහින් තියෙන්නෙ පෙර ආත්මෙ මොකක් හරි ලොකු පවක් වෙන්නැති දෙයියනේ,මම ඔයාව කවදාවත් දැකල නැතුව ඇති සමහරවිට ඒත් හිතට මහ දුකක් දැනුන.
ඉස්පිරිතාලෙට ගෙනිහින් තියෙන්නෙ ප්රානය නිරුද්ද උන පොඩි ලමයෙක්ගෙ බොඩි එකක්

මල්ලිගෙ තාත්ත නැතිලු,අම්ම වෙලාවෙම වගේ එතනට ඇවිත් දෙයියනේ අම්මට මොනව හිතෙනවඇතිද,දස මාසයක් කුසේ වදන් හදපු දරුවව හොරු අරන් ගියා වගේ යන්නම ගියාම. මනුස්සයට කොච්චර දුක ඇතිද.තමන්ට කියල උන්නු එකම වස්තුවත් යන්නම ගියාම.......


චුටි මල්ලියේ මට උඹ වෙනුවෙන් කරන්න පුලුවන් එකම එක දෙයයි, ඊලඟ ආත්මෙ වත් මෙහෙම දෙයක් නොවේවා කියල ප්රාර්තනා කරන එක විතරයි.

අපි සමහර විට දැකලත් ඇති,මේ පුංචි රටේ මම ජීවත් වෙන පුංචිම පුංචි නගරයේ අපි එකිනෙකා දැකල නොතිබෙන්න විදියක් නෑ.ජීවිතේ මහ පුදුමාකාරයි කියල විතරයි මට හිතෙන්නෙ

ඔබට නිවන් සුව චූටි මල්ලියේ ..........!!!


ආවත් ලෝකෙට
දවසක හැමටම
යන්නත් සිදුවෙනවා
නියතයි,
ඒත් ආයෙමත්
මේ සංසාරයේ
ගමන් කරන්නට
තවත් දිනයක
නැවුම් උපතකට
මග සොයලා
නව ජීවිතයක්
මග බලා හිඳියි,
මේ සංසාරය
කෙටි කරගන්නට
පෙරුම් පුරන්නට
නුඹට වරම් ලැබේවා මල්ලියෝ.....!!!!!!!

Comments

Popular posts from this blog

තාම අපි අපේමයි...

අභිසාරිකාව