හ්ම්.....

නුඹ නැති පාලුව
දැනෙනවා හිතවත
තනිවට එනවද
මං ලඟ හවසට

සුදු වැලි වෙරලේ
පෙන පිඬු අතරේ
සක්මන් කරන්න
අත් වැල් පටලන්

සුසුම් වැල් වලින්
හදවත පුරවා
ලොවට හොරා
ආදරේ කරන්නට

ආයෙත් දවසක
ඇවිදින් යන්නට
එනවද හවසක
රැල්ල සිඹින්නට

එනකල් ඉන්නම්
මග බලාන මම
එදා වගේමත්
ඇවිදින් වෙරලට....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව