රහසින් බැඳුනු හිත



රහසින්ම බැඳුනු හිත
හෙමින් එබිකම් කර
ආල හැඟුමන් හිතේ
සිරකරන් කුටියක
කුමක් ඔබ පතන්නෙද
මගෙන් සෙනෙහසම හැර
නපුරු හිත වසන් කර
පෙම් හැඟුම් පුබුදින
තිඹිරිගෙය මල ගෙයක්
කරන්නට වෙහෙස වෙන
සෙනෙහසට නපුරුකම
වෙස්මුහුන යට කරන
රිද්වන්නේ මගේ හිත
නුඹට එය නොදැනෙන්න
සිනාසෙන ඇස්වලින්
දුක ලොවෙන් හංගන්න
රිදෙන හද කියනවා
උඹ මටත් ආදරේ බව
මම මගෙන් අහනවා
රිදුම් මට කුමට දෙන....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව