නුඹ එනකල්

බයක් ඇවිදින් හිත පුරා මගෙ
දෙගියාවක් රජයමින්
හිතක් නෑ තව කිසිත් කරනට
විසිරිලා  හිස් හැඟුමකින්

නුඹත් නෑ ළඟ කිසිත් කියනට
වෙන එකෙක් හා තනිකමින්
බයයි මට නම් කොහොම කිව්වත්
මගේ හිත නුඹ ගැන තදින්

අල්ලගන්නට බලෙන් බැරි බව
දනිමි මම එය සත්තකින්
ඒත් හිත මගේ නොසන්සුන් වී
දවනවා සිත ගත තදින්

ආදරේ බව හැබෑවක් මුත්
දෙදෙන අපි මිනිසුන් ලෙසින්
වැරදි වෙන්නට ඉඩක් ඇති බව
දන්නවා අපේ හිත් තදින්

රිදෙන තැන් එයි එයයි ඇත්තට
හැබෑ හැඟුමක් හිත යටින්
ඒත් නුඹ ගැන හිතේ ආලය
එලෙස පවතියි තිබු ලෙසින්

නුඹ මගේ බව මං නුඹේ බව
පුන පුනා කීවත් ඉතින්
අපි අපේමයි කොහොම වූවත්
එය හිතේ ලියලා තියන්

හවස් වී නුඹ යලි එනා තෙක්
නොඉවසිල්ලෙන් හිත දුවන්
බලන් ඉන්නම් මඟට වී මං
හනික මං සොයලා වරෙන්

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව