අභිසාරිකාව

සියක් හිත් ඇත සනසලා මම
තවත් හිඳිමියි සනසමින්
අදත් මගේ හිත තනිව
ඉඳ හිට උතුරනා
බිඳු නෙත් අගින්

මටත් තිබුනා එකම එක
හිත් සෙවනක් නතරවී ඉන්න
ඉඩක් ලැබුනේ නෑ එදත්
අද මෙන්ම
තවත් කාසිවලටම නොවෙනා
හිත අයදිනා උනුහුම

සනසගන්නට අතින් අත
හුවමාරුවට හිත
සනසවන ගත
දිරායන කල ළංව ඇත අද
තවම හිත ඒ සෙවන යට
සෙවන නොදෙනා නුඹේ හිත ලඟ......

Comments

  1. ලස්සනයි........ ඒත්,

    //සියක් හිත් ඇත සනසලා මම
    තවත් හිඳිමියි සනසමින්//

    හිත නෙවෙයි සැනසෙන්නෙ ගත විතරමයි නේද?

    ReplyDelete
  2. ගතත් එක්ක සැනසෙන්නේ හිත නෙවෙයිද ???

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...