මගේ වී සැනසෙන්න...

නිරුවත් දෙපා තෙමන
කිරි පාට රළ අතර
එක ලඟින් පිය මනින
දෙපා වැලි වල ගැටෙන
තබන පිය සටහනුත්
වැල්ලේ ඇඳී රූ විලස
මැකෙනවා අලුත් රළ
වැල්ල සිප ආ විගස
නිශ්චිතයි කියා ඇති
දෙයක් මේ ලොව නොමැත
වැල්ලේ ඇඳි රූ ලෙසම
සැනින් මැකිලාම යන
හෙට දවස ගැන කෙසේ
හීන තව දකින්නද....

අත් අපේ පටලවා
දුර ඈත ඇවිදින්න
දුන් පොරොන්දුව තවම
එහෙමමයි ළඟ ඉන්න
නො ආ අනාගතයට
දැන් ඉඳන් පිය නගන්න
හේතුවක් ඇතිද තව
ඒ ගැනම වද වෙන්න
ළඟ ඉන්න මේ මොහොත
මා එක්ක විඳ ගන්න
එන්න මගේ තුරුලටම
මගේ වී සැනසෙන්න ....

- ලොකූ -

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව