හිත රිදෙනා තරම

හිත රිදෙනා තරම
දැන දැනත් නුඹම
යන්න ගිය හැටි
පුදුම

නුදුරු දිනකදි
ඔබම මුණගැසෙන වග
නිසැකයි

නන්නාඳුනන විලස
කෙලස මඟ හරින්නද
නුමුදු මා සබඳ
අපි තවත් ඈතයි

තරිඳු එක් දිනක
ඇවිත් කලු අහසට
ගෙනා එලියෙන් මා
හදම කුල්මත් කෙරුවැයි

ඉඳ හිටත් ඇවිත් මගේ
හිත් අහසේ පාලුවට
ඇවිත් යන්නට නුඹට
තවම ඉඩ පවතියි.......

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව