අන් සතු මලකට ඇයි ලොබකම්

මට මගේ ජීවිතේ වැරදුනා...කාගෙවත් වරදින් නෙවෙයි මගෙම වරදින්...ජීවත් වෙන්න තිබුන එකම හේතුව , හිතේ තිබුන බලපොරොත්තුව.....ඒ ඔයා....ඒත් අන්තිමට ඔයත් උවමනාවෙන්ම දුරට ගියා,ගොඩක් දුර.... මට සිද්ද උනේ පිස්සෙක් වගේ ඉබාගාතේ යන්න....

එදා ඔයා අහම්බෙන් මගේ ජීවිතේට ආවා වගේම තවත් කෙනෙක් හදිස්සියේම මගේ ජීවිතේට එන්නේ හිතුවෙවත් නැති වෙලාවක...මගේම කතාව එයාගෙ වචන වලින් මම ඇහුවා....ටිකක් වෙනස් විදියට , ලොකුම වෙනස එයාට මට වගේ තනි නැහැ...එයාගෙ ආදරේ කොච්චර වැරදි කලත් එයාව තනි කරලා නැහැ...
ඒත් ඔයා මාව තනි කලා...මට ඔයාට වැරදි කියන්න බැහැ ඒකට...ඒත් ,හ්ම්..........මම දන්නෙ නෑ ඕයි...මට මොකක්දෝ වෙලා කියලා මට දැනෙනවා....අනුන්ගේ මලක්....සුවඳ බලන්නවත් ඉඩක් නැහැ....සුවඳින් මට වැඩකුත් නැහැ...

සුවඳ ඇදෙයි මුලු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුලු තුලින්
සුවඳ දිදී පිපුනත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම්...

ඒත් මොකක්දෝ වෙන්න යනවා කියලත් මට දැනෙනවා....වෙලාවකට බයයි...හිත එහේ මෙහේ දුවනවා,හරිම කලබලයි....වෙලවාවකට මොකක්දෝ මහ බරක් හිත පුරාවට වද දෙනවා...
අනුන්ගේ මලක් උනත් දුරින් ඉඳන් ආදරේ කරන්න බැරි කමකුත් නැහැ.....ජීවිතේ හරිම පුදුමයි....

සොඳුරුද මාහට ඔබ කෙතරම්
අන් සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැම කල්
හිමි නැතිවූ සඳ වෙයි ලතැවුල්.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව