මගේ උපන්දිනය....

කම්මැලියි ඇඳෙන් බිමට බහින්නත්.....

"ආ උඹ නැගිට්ටද ?? wish u a happy b'day මචං "
"thanks බං, උඹ  අද campus යනවද"
"ඔව් ඔව් ,අද මට assignment එකක් මම යන්නම් එහෙනම්"
"හොඳට assignment  එක කරපන්"
"උඹ campus යන්නෙ නැද්ද අද"
"මම ටිකක් දවල් වෙලා එන්නම් මචං"
"අපි ගියා එහෙනම්"

මේ පාලු බෝඩිමේ මම ආයෙමත් තනි වෙලා....හැමෝම ගිහින්
අම්මට තාමත් මාව මතක් වෙලා නැහැ වගේ අද.....phone එකට සෑහෙන්න message ඇවිල්ලා විශ් කරලා...ජීවිතේ තවත් එක අවුරුද්දකින් වයසට ගිහින්...හ්ම්......

campus එක පැත්තේ යන්න හිතක් නැහැ......ගෙදර ඉඳපු කාලේ නම් පුලුවන් උන හැම වෙලාවෙම කලුතර බෝධියට යනවා.... ම්......අදත් යනවා කමක් නැහැ...යාලුවොන්ට පස්සෙ treat එකක් දෙනවා.....
තාමත් මම ඇඳ උඩ ....ඉක්මනට මුණ හෝදගෙන ලෑස්ති වෙල එන්න ඕනි

ම්.....හරි සේරම වැඩ ඉවරයි....මොකේද දැන් කලුතරට යන්නේ...බස් එකේනම් බැහැ ....train එකේම යනවා...

ම්....phone එක ring වෙනවා නේද ??
ඇතියන්තම් අම්මට මාව මතක් වෙලා...
"සුභ උපන්දිනයක් ලොකු පුතා"
"thank u thank u....ඇති යන්තම් මතක් උනා"
"ඔයා නිදි කියල හිතල call නොකලේ ඉතින්,කාලද උදේට"
"නෑ මේ කන්න යනගමන්...."
"කවද්ද ගෙදර එන්නේ"
"කියන්න බැහැ කවද එන්න පුලුවන් වෙයිද කියලා"
"වැඩක් නැත්නම් ගෙදර එන්න"
"බලමු,මම එහෙනම් තියන්නද, බුදුසරණයි"
"බුදුසරණයි පරිස්සමට යන්නෙ හොඳද"
"හරී"

ආයෙත් phone එක ringවෙනවා....ආ ඒ ගමන තාත්තා sure එකටම අම්ම call කරල මතක් කරන්න ඇති

"හෙලෝ"
"සුභ උපන්දිනයක් ලොකු පුතා"
"ආ thank u thank u  මට මොනා හරි අරන් ඕනි හොඳද"
"මොනව අරන් දෙන්නද මගේ අතෙනම් සල්ලි නැහැ,අම්මගෙන් ඉල්ලගන්නවා"
"හා හා ඒවා මම දන්නේ නැහැ,මට මොනා හරි අරන් ඕනි..."
"කාලද උදේට"
"තාම නැහැ,මම තියනවා බුදුසරණයි"
"බුදුසරණයි,පරිස්සමට"

කාලා ඉවර වෙලා එහෙමම පාර පැන්නේ 138ක් ගන්න කොටුවට යන්න...වෙලාවට traffic නැහැ...මහ වෙලාවක් ගියේ නැහැ කොටුවට එන්න....ම්....train එකක් බලමූ....වෙලාව හොඳයි මගේ....අලුත්ගමට train යන එකක් තියෙනව.....ticket එකත් අරන් එහෙමම එක ඇතුලට ගියේ train  එක එන්න ඔන්න මෙන්න තියෙද්දි....
සෙනගත් වැඩිය නැහැ....
පැයක් වත් ගියේ නැහැ වගේ කලුතරට එන්න,මම හැමදාමත් මල් ගන්න අත්තම්මා ඉන්නවා ....එයා ලඟට ගියේ මල් ගන්න හිතන්....වෙනදට නම් මම තෙල් පහන් තිර අරන් යන්නේ නැහැ....
අද අරන් යනවා....
"අත්තම්මේ මට නෙලුම් මල් 10කුයි පහන් තිර එකකුයි,තෙල් බෝතලයකුයි දෙන්න"
"මහත්තයා සෑහෙන්න කාලෙකින්"
"ඔව් අත්තම්මේ,මම දැන් මෙහෙ නෙවෙයිනේ ඉන්නේ,කීයද ගාණ"
"200ක් දෙන්න මහත්තයෝ"
"යන්නම් අත්තම්මේ"
"රත්නත්තරේ පිහිටයි"

සෙරප්පු දෙකත් ගලවල මල් ට්ක දොවාගත්ත,හ්ම්.....අවුරුදු 24ක්ම තනියෙන් හිටිය....ඉතිරි ටිකත් තනියම තමයි....ඔයාව ගොඩක් මතක් වෙනවා පොඩි...

පහන් පත්තු කරල මල් පූජා කරලා තවත් මල් දෙකක් ඉතුරු කර ගත්තා...ධර්මශාලාවේ වැඩ ඉන්න පිලිම වහන්සේට පූජා කරන්න....ඒත් හිතට හයියක් නැහැ එතනට යන්න....හ්ම්...කමක් නැහැ යනවා...අන්තිම මල් දෙකත් පූජා කරල මම පැත්තකින් වාඩි උනා...කවුරුවත්ම නැහැ ධර්මශාලාව ඇතුලේ.....ඇස් දෙක පියන් ගාථා කියන්න පටන් ගත්තා...එක හිතකින් ගාථා කියාගන්න බැහැ ....මගේ ඇස් නලියනව මට ඒක දැනෙනවා හොඳටම...තවත් ඉවසන් ඉන්න අමරුයි, හිත ඇතුලේ හිර කරන් ඉන්න දුක කඳුලු බිංඳු වෙලා කම්මුල් දිගේ බේරෙනවා...මට ඒවා නවත්තන්න උවමානවකුත් නැහැ....

හිතාගන්නවත් බැරි විදියට අහම්බෙන් මගේ ජීවිතෙට ලං උනු ඔයාට යන්න සිද්ද වුනා...ඒකට ඔයා වැරදි නැහැ පොඩි...මම වැරදිත් නැහැ....ඇත්ත තේරුම් ගන්න බැරි දුශ්ඨ මිනිස්සු මේ ලෝකෙ ඉන්නතාක් කල් අපි දෙන්න වගෙ අය තවත් ලෝකෙට ඒවි....ආත්මාර්තකාමිකමත්  එක්ක පිස්සු වැටුන මිනිස්සු අපි වගේ තවත් අයගේ ජීවිත ගොඩක් අවුල් කරාවි...
මොනවා කරන්නද....මේ තමයි මගේ ලැබීම....ගොඩක් උත්සහා කරා ඔයාගෙ මතකය ඈත් කරලා ජීවිතේ අලුතින් පටන් ගන්න....ඒ හැම වෙලාවකම මම පරාද උනා පොඩි....තවත් මට මෙතන ඉන්න බැහැ....ඇති දැන්, මම යනවා.....

හිත සැහැල්ලු කරගන්න හිතාගෙන මම බෝධියට ආවේ....හ්ම්.....වෙලාවත් තියෙනවා...මොකද කරන්නේ,ම්....ගොඩ දවසකින් ගෙදර ගියෙත් නැහැ...හෙට ලොකු වැඩකුත් නැහැ....ඔන්න ඔහේ ගෙදර යනවා....ඔව් මම ගෙදර යන්නවා.......

Comments

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව