සිතුවම්
සඳ බැසගියා
අද අහසේ තරුද නැත
හරි අඳුරුයි
කලුවර ඇස් වසා ඇත
අඳුරේ අතපතගාන
මගේ හිත නුඹේ ලඟ
තාමත් රැඳී තියෙනා
බව දන්නවද
කන කස්බෑවා වියසිදුරකින්
බලන කල
ඇත මට ඉඩක් ඒ ලෙස
තව ඉවසන්න
බොඳවී අඳින සිතුවම්
රෑ තුන් යාමේ
සිහිවී වැටෙනවා සිහිනෙන්
කොපුල් මත
ඉන්නම් ඉතින් පුලුවන්
කල් මං මෙලස
එන්නට හැකිය
නුඹහට කිසියම් දිනක......
අද අහසේ තරුද නැත
හරි අඳුරුයි
කලුවර ඇස් වසා ඇත
අඳුරේ අතපතගාන
මගේ හිත නුඹේ ලඟ
තාමත් රැඳී තියෙනා
බව දන්නවද
කන කස්බෑවා වියසිදුරකින්
බලන කල
ඇත මට ඉඩක් ඒ ලෙස
තව ඉවසන්න
බොඳවී අඳින සිතුවම්
රෑ තුන් යාමේ
සිහිවී වැටෙනවා සිහිනෙන්
කොපුල් මත
ඉන්නම් ඉතින් පුලුවන්
කල් මං මෙලස
එන්නට හැකිය
නුඹහට කිසියම් දිනක......
Comments
Post a Comment