හිත හොයන උණුහුම

හුඟක් දුර ගිය නුඹේ උණුහුම
තවම හිත ළඟ දැවටෙනා
තවත් මගේ හිත බලන් ඉන්නේ
නුඹම ආයෙත් එනතුරා

බලන් උන්නට එන්නේ නෑ නුඹ
මගේ යටිහිත හඬන්නා
ඒ හඬන බිඳු කඳුලු විලසින්
ඇස්කෙවෙනි අග ගලන්නා

තාම මතකයි ඒ සොඳුරු රැය
ඔබේ තුරුලේ උන්නු ඒ
කවද ඉන්නද ඒ විලස යලි
සිහිනයක්මයි එය මලේ

නුඹට යන්නට හැකිවුනිද ඒ ලෙසින්
මා මග දමාලා
තවම හඬමින් ඉන්නෙමි මං
ඔයා එනකල් නැවතිලා.......

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව