Posts

Showing posts from November, 2013

ජීවිතය සහ වෘත්තිය

ජීවත් වීමට මුදල් උවමනාය,මුදල් ඉපයීමටනම් කිසියම් වෘත්තියක නියැලිය යුතුය.මේ යුගල එකිනෙක හා සමගාමීව පැවතුනද කෙදිනක හෝ ජීවිතය සහ වෘත්තිය පටලවා ගතහොත් ජීවිතයටම අනාගැනීමට සිදුවේ.එක් අතකට වෘත්තිය සහ ජීවිතය සමබරව පවත්වා ගැනීම අතුරේ යෑමක් හා සම කලත් වරදක් නැතැයි මම සිතමි. විවිධ සමාජ තල වල සිටින වෘත්තිකයන් අපේ ජීවිත වල අපි කෙතරම ඇසුරු කරනවාද ??සමාජ සහසම්බන්ධතා එක්ක අපි විවිධ  පුද්ගලයන් ඇසුරු කරනවා.ඔවුන් සියලු දෙනා විවිධාකාරයි,කිසිවෙකුත් තවකෙකුට සමාන නැහැ.සමහර වෘත්තිකයන් සමාජයේ හරි ඉහලය්,එවැනි වෘත්තිකයින්ට සමාජයේ තියෙන්නෙ ඉහල ගෞරවයක් ඉහල වටිනාකමක්.ඒත් ඉතින් ඒ අතරේ සමාජයේ ගැරහුමට ලක්වෙන වෘත්තීනුත් නැතුවම නෙවෙයිනේ.අපි යම් දෙයකට අකමැතිවූවා කියා අපිට ඒ දෙය වෙනස් කිරීමට බැහැනේ එය තවත් කෙනෙක්ගේ තෝරා ගැනීමක් කැමැත්තක්.ඒ ඔවුන්ගේ අයිතියට ගරු කරන්න බැරිනම් අඩුම තරමින් එය ඉවසීමටවත් අපිට හැකියාවක් තිබිය යුතුයි. ඉහල පෙලේ වෘත්තිකයින් එහෙම නැත්නම් ගරු වෘත්තිකයින් දිහා බැලුවම සරලව ජීවිත ගෙන යන අය ඉන්නෙ හරිම අඩුවෙන්.සමහරුන් තමගෙ ජීවිතේ ගොඩනගාගෙන තිබෙන්නේත් වෘත්තිය ගැන හිතලා.වෘත්තියයි ජීවිතයයි කවදාවත් එකම දෙ