Posts

Showing posts from October, 2016

ඉඩක් දෙනවද මෙමට....

අවසරද තවම මට හිත ඇතුලේ උනුහුමට තනිකම මකාගන්න නුඹේ පැලට ගොඩ වෙන්න නාඹර වු හිත නටන නුඹේ ආදර බහට උමතුවී සොයා එන සෙවන නුඹමයි මටම සිහිල ගෙනෙනා සුලඟ සුවඳ මල් වතු මැදින හමායන ජීවිතය විඳින්නට ඉඩ හරින හිමි නැතිද ඉඩක් මට නුඹේ ඔය සෙවන යට හිඳින්නම් ඉඩ ඇතොත් මැරෙනකල් නුඹ ලඟම....

මුතු.........

නිහඬවම ඉකි බිඳින බිඳුනු හද පාමුලට කඳුලු මුතු ඉහිරිලා තවත් එක රටාවක ඇඳුනු ඒ රූපයට බැඳුනු හිත නොකියාම බිඳුනු බව තේරුනේ කකුල මගේ කැපුනාම වැටෙන ලේ බිඳු බිමට රතු පාට දිලිසෙන්න කඳුලු මුතු සරසලා ඒ මතට දිලිහෙන්න අමුනන්න මුතු පොටක ඒ කඳුලු අතට ගෙන රතු පාට ගෑවිලා මුතු කැටේ කොටසකට රතු පාට මගේ ලේ කඳුලු මුතු සරසවන මොනවදෝ වචන ඇත ලියවිලා හීනියට හොඳින් මා බැලූ කල කියා එහි ලියූ දෙය මට නුඹව අවැසි බව කුඩා මුතු අකුරු වල නුඹට එය නොපෙන්න අමුනලා මුතු එකට විසිකලා මුහුදටම ආයේ ගොඩ නො එන ලෙස....

නියඟය....

ගිනි අරන් දැවෙන හිත පැතුම් මල් දවාගෙන නිවන්නට දැවෙන හිත පොදක් නැත වහින්නට ඉඩෝරෙට ඉරිතැලුනු ගැඹුරු පපු කුහරෙ යට රිදුම් දෙයි වේදනා වියලි රලු පොලව මත මිය ඇදුනු සෙනෙහසේ  මුදුන් මුල්තව යටට දිරුනු කඳ හිඳිනවා මුකුත් නොවුනා විලස දිය සිඳුනු වැව් තලේ පුන්චි දිය කඩිත්තක හිඳිනවා මසුන් තව පණ කෙන්ද රැක ගන්න ඉතිරි දිය බිඳත් තව දින දෙකක සිඳී යන ඉතින් අවසන්ව යයි ජීවයද නියඟයට....