මුතු.........

නිහඬවම ඉකි බිඳින
බිඳුනු හද පාමුලට
කඳුලු මුතු ඉහිරිලා
තවත් එක රටාවක

ඇඳුනු ඒ රූපයට
බැඳුනු හිත නොකියාම
බිඳුනු බව තේරුනේ
කකුල මගේ කැපුනාම

වැටෙන ලේ බිඳු බිමට
රතු පාට දිලිසෙන්න
කඳුලු මුතු සරසලා
ඒ මතට දිලිහෙන්න

අමුනන්න මුතු පොටක
ඒ කඳුලු අතට ගෙන
රතු පාට ගෑවිලා
මුතු කැටේ කොටසකට

රතු පාට මගේ ලේ
කඳුලු මුතු සරසවන
මොනවදෝ වචන ඇත
ලියවිලා හීනියට

හොඳින් මා බැලූ කල
කියා එහි ලියූ දෙය
මට නුඹව අවැසි බව
කුඩා මුතු අකුරු වල

නුඹට එය නොපෙන්න
අමුනලා මුතු එකට
විසිකලා මුහුදටම
ආයේ ගොඩ නො එන ලෙස....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව