Posts

Showing posts from 2017

වැරදි හෙවන...

වැරදිලා සිත නැවතිලා මග ලැබුන හෙවනට රැවටිලා නිවූවා ගිම් හැකි ලෙසට මං ලැබුන හෙවනින් සැනසිලා කලක් ගතවී දැනෙන හැඟුමන් වැරදිලා බව කල් බලා මක් කරන්නද ඉන්න යන්නද හිතනවා හිත හිතනවා නුඹේ සෙවනට ලොල් වෙලා මං රැවටුවා හිත රැවටුවා දැනෙන හැඟුමන් මගේ නොවෙන මෙහි දවනවා හිත තැවෙනවා වැරදි අඩු ඇති අපි මනුසතුන් වෙමු සර්වසම කිසිවෙක් නොවේ ඒත් සැමහට සුදුසු තැන් ඇත හැම හෙවන හෙවනක් නොදේ නුඹ මගේ මුත් මා නුඹේ නොව හිතේ හැඟුමන් සැලෙන්නේ සෙවෙන මෙය නොව මං බලා උන් ඉරට හිත මගේ පිලිස්සේ හරි තැනක් නම් මෙහෙම වේවිද රිදෙන හිත මගේ කියන්නේ හිත නෙවෙද හරි වැරදි මම නෙව මටත් දැන් එය දැනෙන්නේ නුඹේ වරදක් නැතෙයි හිතවත වරද ඇත්තේ හදවතේ නොගැලපෙන හිත් දෙකක් එකතුව යනගමන් නෑ කිසිලෙසේ රිදෙනමුත් හිත් තවත් කුමටද ඉවසලා අපි තැවෙන්නේ මඟ දෙකක උන් අපි එකට යන ගමන් තව නෑ යැවෙන්නේ අලුත් හෙවනක් ලැබෙයි නොලැබෙයි තවත් මම නෑ හිතන්නේ මේ හෙවන අත හැරලා හෙමිහිට මගේ ගමන පියමනින්නේ සමාවක් උවමනා නෑ මට නුඹද එය ගැන හිතන්නේ යන එනක මඟ හොඳින් හිටපන් අදින් මම නෑ හොයන්නේ ....

සුභ පතන්නම්....

සමාවුව මැන යන්න අවසර එපා මට ඔබගේ ලඟින් යන්න හිතුනම යන්න යනවා කුමට තව ලතැවී හදින් උඹට දුන් පෙම එපා යලි මට තියාගන් මතකය ලෙසින් අතීතයේ දවසක ඔබෙන් මා සමු ගත්ත සටහන ලෙසින් ඇවිද ආදුර මඟ ගෙවාගෙන එකෙකු ලෙස අපි හැකි ලෙසින් තනිව යමි මම මෙයින් ඉවතට හිතේ සැනසුම පසුපසින් උනා නම් අඩුපාඩුවක් මගේ අතින් නුඹහට කිසිලෙසින් සමාවුව මැන අදින පසු නෑ වැරදි වෙන්නේ මගෙ අතින් හිතේ ඉපදුනු කුලුදුලේ හැඟුමන් නොවේ මේ විඳින්නේ ආලයේ රස වගේමයි දුක් විඳිද්දී මගේ හිත යටින් අහවරයි දැන් ඒ සියල්ලම යායුතුය මම දැන් ඉතින් සුභ පතන්නම් යනෙන ගමනක සාර්තකවේවා ඉතින් ....

නුඹ වෙනුවෙන්....

රිදෙන රිදෙන විට තැලෙන මගේ හිත යකඩ නොවෙයි නුඹ හිතන් උන්නටම කැපෙන කැපෙන විට කඩුවක මුවහත ගෙවෙන ගෙවෙන බව නොදනිද දවසක කෝප උනු විටෙක ගිනිගෙන හදවත වතුර සිතා මම හැම විට උඹ ලඟ පිදුරු නොවෙයි නිවුවේ උඹේ හදවත ආදරයයි මගේ හද උතුරා යන ... පෙනුන ලෙසම මගේ වරදක් ඇති නම් හිතුවොත් නරකද හරිද කියලා නුඹ පුදන සෙනෙහේ නුබ වෙනුවෙන් පමණක කුරුරු කමද හිමි සතුටක් වෙනුවට උපන්න අපි හෙට යායුතුමයි යලි කුමට වෙහෙසකර පඹ ගාලක නුඹ සොයන සැනසිල්ල ඇත්තේ නුඹ ලඟ නුඹට නොපෙනෙන්න ඇස් බැඳ නුඹමම කුමක් කරන්නද මම තව ලඟ හිඳ නුඹේ ඇස් නුඹම විවර කරන් යලි බලන්න හොඳ හැටි මම නුඹ ළඟ ඇති....

නන්දලෝචන...

නන්දලෝචන උගේ සම්පූර්න නම නන්ද ලෝචන , හැබැයි කවුරුවත් ඌට නන්ද කියලවත් ලෝචන කියලවත් කතා කලේ නෑ .... දන්න කාලේ ඉඳලා හැමෝම කතා කලේ නන්දලෝචන කියලා ..... මම එක වසරෙ ඉඳන් 8 වසර වෙනකල් ගියපු ඉස්කෝලේ ඌ උන්නේ .... කෙට්ටුම කෙට්ටු , කලුම කලු , ඇස් දෙක ටිකක් ලොකු චූටිම චූටි කොල්ලෙක් .... හැබැයි රන්ඩු කෙක්කක්.... කුණුහරප මල්ලක් ....කොහේ ගියත් වලියක් , හැබැයි හැමෝගෙන්ම ගුටි කන එක කලේ ... මට ඌව පෙන්නම බෑ, කාත් එක්කවත් වලි දාගන්නේ නැති මමත් ඌ එක්ක වලි ...නන්දලෝචන ඉස්කෝලේ වැඩ වලට හරිම දුර්වල ලමයෙක් , මට මතක විදියට ඒ ලමයට ඉස්කෝලේ 6 වසර වෙද්දිවත් හරියට ලියන්න කියවන්න බෑ ....මට ඌව හොඳටම මතක 6 වසරේ පන්තියෙදි ... 1 වසරේ ඉඳන් 5 වසර වෙනකල් අපි එකම ලමයි සෙට් එක හිටියේ .... 6 වසරේදි තමයි ආයේ පංති බෙදුවේ ....නන්දලෝචනවත් වැටුනේ අපේ පංතියට ....පන්තියේ හිටපු පිරිමි ලමයින්ගෙන් හොඳටම වැඩ කලේ මමයි මගේ හොඳම යාලුවයි .... කොහොම හරි පන්ති භාර මිස් අපි දෙන්න මැද්දට නන්දලෝචනව දැම්මේ ඌට ඉගෙන ගන්න උදවු කරන්න කියලා .....ඒත් හිතේ තිබුන අකමැත්ත නිසා ඌව අපි කොන් කලා සෑහෙන්න .... ඌත් නිකම් උන්නේ නෑ , අපිට නම් පටබැන්දා අපහාස කලා ...

හරිද තවම මම

දෙතොල නොකී දේ දැනෙනා හදවත මොහොතක නැවතී ලතවෙනවා හිතත් එක්ක මම මගේම සටනක පැරදුම එක්කලා වද වෙනවා ... දැනෙන හැඟෙන හිත් දෙලොවක් අතරට රහසේ මා කැඳවන් යනවා කොයින් කොහොම  හරි එලියට එන්නට පාර හොයන් මං ඇවිදිනවා... නුහුරු නැතිව ඇති මගේම හිත ලඟ දුවන පනින මගේ හැඟුමන් නුඹ ගැන හිතන්නට වරක් ආයෙත් මං ගැන මටම හිතෙනවා හරිද තවම මම ....

- වැස්ස -

පොඩි කාලේ ඉඳන් වැස්ස කියන්නේ මගේ ජීවිතේ ආසම දෙයක් , ඉස්සර මම වැඩියෙන්ම ආස රෑට වහිනවට .... උලු අතරින් එන හිරිකඩ මූනෙ විතරක් වදින්න ඉඩ දීලා මුලු ඇන්ගම වැහෙන්න රෙද්දක් පෙරවන් ඇඳට වෙලා ඉන්න තරම් තවත් සැපක් තිබ්බේ නෑ ඒ කාලේ ..... මාරම සීතලයි මුලු ගේ ඇතුලම ..... ඒ උනාට කොච්චර ආස කලත් එහෙම ඇඳට වෙලා ඉන්න බෑ , ගෙයි තෙමන තැන් වලට භාජන තියන්න ඕනි .... නැත්නම් මුලු ගේම විනාසයි .... ගෙදර තිබුන සේරම  භාජන තියලා අන්තිමට හැලි වළනුත් තිබ්බ දවස් තිබ්බා .... ඒ තරමට ගෙදර තෙමනවා ඒ දවස් වල..... අම්ම තනියෙන් කරන යුද්දේ  බලන් ඉන්න බැරි නිසාම කොච්ච උනත් ඒ හැම දවසකම මම ඇඳෙන් බැහැලා ගියා වැස්ස වෙලාවට .....තාත්තා හදපු දිග හෙල්ලක් තිබුනා අපේ ගෙදර , ඒක හරි කොස්ස හරි අරන් වතුර බේරෙන උලු කැටේ පොඩ්ඩක් ඉස්සුවම ගොඩක් වෙලාවට එතනින් වතුර එන එක නැවතුනා .... ඒත් ගොඩක් තැන් වලින් වතුර ආවා එහෙම කලාට පස්සෙත් ..... ඒ මදිවට වහල පුරාම උණ කොළ ..... අල්ලපු වත්තේ තිබුනා දාර උණ පඳුරේ කොල්ල සේරම නැවතුනේ අපේ වහලේ උඩ .... සාලේ වහලට ඉටිකොල ගැහුවට පස්සේ ප්‍රශ්නේ තවත් වැඩි උනා .... එතකොට කලින් තරම තැන් ගානකින් වතුර නොවැටුනත් එක සැරේ වතුර

වසන්තය....

හිත පුරා පිරි වසන්තය රැඳි සුවඳ මල් පිපි මල් වනේ නිති බඹරු එති මල් සුවඳ බොති ඉගිලිලා යති එක රැලේ මල් පිපී ඇති සුලඟේ ලෙල දෙන මල් උයන් නෙක ඇති අගේ කැලෑ මල් වග අමතකද තව කවුරු නෙලුවද මල් වනේ සුවඳ පිරුනත් මලේ නුඹ පරවෙනවමයි නුඹ හෙට දිනේ රකින දෑතක් වෙතක රැඳියන් අතින් අත නොයමින් හදේ බඹරු එති යති ඉන් එකදු එකි නෙලන්නේ නෑ මල් වනේ රොන් රැගෙන යති මල තලාගෙන අගේ නෑ උන් යති ඔහේ අගේ ඇති උඹ දෝතේ ඇති විට සෙමින් නුඹ සිඹ රිසි ලෙසේ පැන් ඉහා බුදු පුදට ගෙන යමි වරෙන් යන්නට විගසිනේ ....

නුඹ එනකල්

බයක් ඇවිදින් හිත පුරා මගෙ දෙගියාවක් රජයමින් හිතක් නෑ තව කිසිත් කරනට විසිරිලා  හිස් හැඟුමකින් නුඹත් නෑ ළඟ කිසිත් කියනට වෙන එකෙක් හා තනිකමින් බයයි මට නම් කොහොම කිව්වත් මගේ හිත නුඹ ගැන තදින් අල්ලගන්නට බලෙන් බැරි බව දනිමි මම එය සත්තකින් ඒත් හිත මගේ නොසන්සුන් වී දවනවා සිත ගත තදින් ආදරේ බව හැබෑවක් මුත් දෙදෙන අපි මිනිසුන් ලෙසින් වැරදි වෙන්නට ඉඩක් ඇති බව දන්නවා අපේ හිත් තදින් රිදෙන තැන් එයි එයයි ඇත්තට හැබෑ හැඟුමක් හිත යටින් ඒත් නුඹ ගැන හිතේ ආලය එලෙස පවතියි තිබු ලෙසින් නුඹ මගේ බව මං නුඹේ බව පුන පුනා කීවත් ඉතින් අපි අපේමයි කොහොම වූවත් එය හිතේ ලියලා තියන් හවස් වී නුඹ යලි එනා තෙක් නොඉවසිල්ලෙන් හිත දුවන් බලන් ඉන්නම් මඟට වී මං හනික මං සොයලා වරෙන්

සීයා

වැහැරිලා දුබල වුනු කෙසඟ කය පණ නැතිව පාවෙලා වැනෙනවා අත් වාරුවක් නැතිව රැලි වැටී දියව ගිය ඇටකටුත් පෙනෙන්නට තවම එහෙ මෙහේ දුවයි සීයා පුලුවන් ලෙසට ඒ කාලේ තිවු අඩවු මටත් තාමත් මතක ඒත් දැන් වයසයි නේ කොහොම නම් කල් ගෙවුව අවසාන කාලයට හෙමින් තව ළං වෙන්න අපි හැමට උරුම උනු ඒ කටුක සත්‍යයට අපිත් දවසක ඉතින් ළංවෙනවා නොදැනීම ඉවරයක් කොහි ඇත්ද දිවිල්ලක් නිම නොවෙන නිවන්නට මඟ සොයන් යන්නටම හිත නැද්ද ....

ඇත්තටම දැන් නම් හිතට බයයි මට ....

නුහුරු හැඟුමක් හදවතේ වද දෙනව මට හිතුමතේ රිදෙන බව දැනුනත් දුකේ මක් කරන්නද මම අනේ බැඳුනු තැන හැම බැඳීමක රහසේ ලඟටම ළං වෙන නැතිවෙනා අනියත බය රිදෙනවා හිත නිතරම සැබෑ තතු උව එසේම බැඳීමත් මට අවැසිම මැදුම් පිලිවෙත හුරු කල නොහැකි මට ඒ සත්තට හිතට දැනෙනා ආදරේ නුඹම ලඟමයි හිත මගේ නිතර රැය හා දවාලේ හිතනවා මම දෙවේලේ තනිකමත් මට හරි ළඟයි නුහුරු නුපුරුදු නැති වගයි ඒත් නුඹ හා හදවතෙයි ඉඩ ලියාලා අහවරයි අතින් අල්ලන් මඟ දිගේ හීන දුටුවා හැම වෙලේ කඳුලු නම් දැන් ඇති වගේ හඬන්නට නම් බෑ සඳේ.....

මගේ වී සැනසෙන්න...

නිරුවත් දෙපා තෙමන කිරි පාට රළ අතර එක ලඟින් පිය මනින දෙපා වැලි වල ගැටෙන තබන පිය සටහනුත් වැල්ලේ ඇඳී රූ විලස මැකෙනවා අලුත් රළ වැල්ල සිප ආ විගස නිශ්චිතයි කියා ඇති දෙයක් මේ ලොව නොමැත වැල්ලේ ඇඳි රූ ලෙසම සැනින් මැකිලාම යන හෙට දවස ගැන කෙසේ හීන තව දකින්නද.... අත් අපේ පටලවා දුර ඈත ඇවිදින්න දුන් පොරොන්දුව තවම එහෙමමයි ළඟ ඉන්න නො ආ අනාගතයට දැන් ඉඳන් පිය නගන්න හේතුවක් ඇතිද තව ඒ ගැනම වද වෙන්න ළඟ ඉන්න මේ මොහොත මා එක්ක විඳ ගන්න එන්න මගේ තුරුලටම මගේ වී සැනසෙන්න .... - ලොකූ -

මගේ පෙම් කතාව...

ආව ගිය මඟ දෙනෝ දාහක් අතරමං උනු හීන ගොන්නක් ආව ගිය අය ඉතින් කොහෙවත් ඉතුරු උනේ නෑ උන් එකෙක්වත් ජීවිතය මට මඟහැරීලා ආව ගිය අය පවුල් වීලා තනිව ආ මම තනිම වීලා හිතින් හැඬුවා දුක හිතීලා අහම්බෙන් රජ කෙනෙක් දුටුවා ඉඩක් ඇත්දැයි අසා බැලුවා පමා වැඩි බව හිත කියෙව්වා හිත හදන් ඈතටම දිව්වා කලණ මිතුරෙකු ලෙසින් මම දුක අසා හිත සනසගෙන බැඳුනු මිතුදම හොඳින් තද පෙරලුනා හිත පෙමට තව දෙගිඩියාවකි හිත පෙලෙන්නේ ඇතිද අවසර හිත කියන්නේ වෙන දෙයක් වෙයි මම හිඳින්නේ අසා පලමුව ඉවත යන්නේ කලක් ගතවේ ඇසුරට හිතත් මෙච්චල් කෙරුමට හොරෙන් උනුනට පෙම් කර කතා පුවතක් ලියවුන හමුවනා පලමු දිනයේම තදින් බැඳුනා සිතුසේම දෙදෙන සතුටින් සිත්සේම අපි අපේ උනු දවසේම එදා සිට අප ගමනෙමයි හෙමින් ඇත තව බෝමදෙයි අතින් අල්ලන් මගෙමයි ආව කුමරා නුඹ තමයි

ටිං කැඩිල්ල

මම එතකොට ඉස්කෝලේ 8 වසරේ , ලොකු මල්ලි 5 වසරේ .... චූටි එකාට යන්තම් වයස 2ක් ඇති ..... අපේ තාත්ත නෙවෙයි අපිට ගෙදරින් එලියටවත් බහින්න දෙන්නේ ..... අපේ ගෙට උඩහ ඔෆිස් එකක් තිබුනා ... ඔතනට තමයි ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික එකතු වෙන්නේ සෙල්ලම් කරන්න ..... මමයි ලොකු මල්ලියි හෙන ආසයි ඉතිම් සෙල්ලම් කරන්න යන්න .... ඒත් තාත්තා යන්න දෙන්නේ නෑ අපිට .... ඕකට මම හොඳ උප්පර වැට්ටියක් හොයාගත්තා ..... ඒ තමයි චූටි මල්ලිව එලියට එක්කන් යනවා කියලා උගේ පිටි දාල මාත් සෙල්ලම් කරන්න යන්න .... ඇත්තටම අම්මලා ඒ කාලේ ගත කරපු කලබල ජීවිතයත් එක්ක මම තමයි මල්ලිව බලාගත්තේ ..... ඌට ඒ කාලේ ඇවිදින්නවත් බෑ හරියට .... පරිස්සම් කරන්න ඕනි , වැරදිලාවත් වැටිලා තුවාලයක් එහෙම උනොත් මම එදාට වසලා හමාරයි ..... කොහොම හරි පොඩි එකත් වඩන් මාත් යනවා සෙල්ලම් කරන්න .... ඌව කොහෙන් හරි බිමකින් වාඩි කරවලා අරලිය මල් ඩෙහ්ක තුනක් අතට දුන්නම ඌ එක තැනකට වෙලා ඉන්නවා .... මමයි මල්ලියි සෙල්ලම් කරනවා ... එහෙම නැත්නම් යාලුවො කවුරු හරි සෙල්ලම් කරන්නේ නැති එකෙක් මල්ලිව බලාගන්නවා ... අපි ඒ දවස් වල කලේ ටිං කැඩිල්ල .... ටිං කඩනවා කියන්නේ ටින් බෙලෙක්ක සෙට් එකක් එකක්

රහසින් බැඳුනු හිත

රහසින්ම බැඳුනු හිත හෙමින් එබිකම් කර ආල හැඟුමන් හිතේ සිරකරන් කුටියක කුමක් ඔබ පතන්නෙද මගෙන් සෙනෙහසම හැර නපුරු හිත වසන් කර පෙම් හැඟුම් පුබුදින තිඹිරිගෙය මල ගෙයක් කරන්නට වෙහෙස වෙන සෙනෙහසට නපුරුකම වෙස්මුහුන යට කරන රිද්වන්නේ මගේ හිත නුඹට එය නොදැනෙන්න සිනාසෙන ඇස්වලින් දුක ලොවෙන් හංගන්න රිදෙන හද කියනවා උඹ මටත් ආදරේ බව මම මගෙන් අහනවා රිදුම් මට කුමට දෙන ....

ජීවිත සොයා

නුහුරු නැති හිත ආල හැඟුමන් වලින් මත්වී පිබිදිලා නිබඳ ඔබේ රුව හිතේ හැම තැන සුවඳ එක්කලා මුසු වෙලා නපුරුකම් යට දැවෙන හැඟුමන් ආලයෙන් යටපත් වෙලා නුඹේ හිත නුඹ මගේ වීලා අහවරයි දැන් සැනසිලා ඉඳුල් වූවන් ලෙසින් වුව අප වැඩුනු මිනිසුන් ලෙස සිතා සෙමින් පා යුග තබා යමු   අපේ ජීවිත සොයා ....