වසන්තය....

හිත පුරා පිරි වසන්තය රැඳි
සුවඳ මල් පිපි මල් වනේ
නිති බඹරු එති මල් සුවඳ බොති
ඉගිලිලා යති එක රැලේ

මල් පිපී ඇති සුලඟේ ලෙල දෙන
මල් උයන් නෙක ඇති අගේ
කැලෑ මල් වග අමතකද තව
කවුරු නෙලුවද මල් වනේ

සුවඳ පිරුනත් මලේ නුඹ
පරවෙනවමයි නුඹ හෙට දිනේ
රකින දෑතක් වෙතක රැඳියන්
අතින් අත නොයමින් හදේ

බඹරු එති යති ඉන් එකදු එකි
නෙලන්නේ නෑ මල් වනේ
රොන් රැගෙන යති මල තලාගෙන
අගේ නෑ උන් යති ඔහේ

අගේ ඇති උඹ දෝතේ ඇති විට
සෙමින් නුඹ සිඹ රිසි ලෙසේ
පැන් ඉහා බුදු පුදට ගෙන යමි
වරෙන් යන්නට විගසිනේ ....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව