Posts

Showing posts from 2015

මං පොඩි කාලේ

ඉස්සර මමයි මල්ලියි පොඩි කාලේ අපේ ගේ ලඟින් පොඩි දොල පාරක් ගලාගෙන ගියා ... දොල පාරක් කිව්වට ඒක ඇත්තටම තිබුනෙ කුඹුරුවලට වතුර ගෙනියන්න .... ඉස්සර වැහි කාලෙට ඔය දොල පාර දෙගොඩ තලා යනවා ... හැබැයි මහ වෙලාවකට නෙවෙයි ...පැය දෙක තුනකට වගේ තමයි , එහෙමත් දවසක තමයි ටිකක් වෙලා සැරට වතුර පාර ගලන්නේ .... ඒත් වතුර දනකට ටිකක් වැඩිය ඇති , මට මතකයි ඉස්සර ආච්චි කියනවා තාත්තලා පොඩි කාලේ නම් ඇල සෑහෙන්න ගැඹුරයිලු .... තාත්තලා ඉස්සර ඇලෙන් නාලත් තියෙනවලු , ඒත් අපි පොඩි කාලෙ නම් ලොකු වතුරක් තිබුනෙ නැහැ ... ඔන්න ඉතින් ඔහොම ඉඳල හිටල වැහැපු දවසට මගෙයි මල්ලිගෙයි රාජකාරිය පහුරක් හදන එක ... පහුරක් කිව්වට මොකද අපි දෙන්නා කරන්නේ සීයා ගෙදර ගෙනත් ගොඩගහල තියෙන උන බට තුනක් විතර එකට ගැට ගහලා වතුරට දාන එක කරන්නේ .... ඒ උන ගහක් උස්සගන්න තරම් වත් පනක් නැහැ අපි දෙන්නට ඒ තරමට පොඩි බට්ටො දෙන්නෙක් ... ඒත් ඉතින් කොහොම හරි අපේ ආතල් එක අපි ගන්නවා අම්ම කෝටුවක් අරන් ඇල ලඟට එනකල්ම , එහෙමත් දවසක තමයි කෙහෙල් කොටයක් හම්බෙන්නේ පහුරක් හදාගන්න ...  නාන්න තරම් වතුරක් නොතිබුනත් වැහිදාට නම් අපි ඇලේ නටනවා , වැස්ස පායනකල් ඉඳලා අම්

අභිසාරිකාව

සියක් හිත් ඇත සනසලා මම තවත් හිඳිමියි සනසමින් අදත් මගේ හිත තනිව ඉඳ හිට උතුරනා බිඳු නෙත් අගින් මටත් තිබුනා එකම එක හිත් සෙවනක් නතරවී ඉන්න ඉඩක් ලැබුනේ නෑ එදත් අද මෙන්ම තවත් කාසිවලටම නොවෙනා හිත අයදිනා උනුහුම සනසගන්නට අතින් අත හුවමාරුවට හිත සනසවන ගත දිරායන කල ළංව ඇත අද තවම හිත ඒ සෙවන යට සෙවන නොදෙනා නුඹේ හිත ලඟ......

තනිකම

තනිකම , උරුමය කරුමය ලෙස නොව , උරුමය ලෙසම වැලඳගමි, තනිකම ඒ ලෙසින්ම....

නුඹට හිතැති නුඹ හිත නැති හිත.......

අපි හැමෝටම ජීවිතේ හැබෑ කරගන්න බැරි වුනු ආදර කතාවක් තියෙනවා.... ඇස් ඉස්සරහා පෙනි පෙනී ඉන්න හීනය තමන්ගේ කරගන්න බැරි උනාම දැනෙන වේදනාව කාලයක් යනතුරා දරාගන්න අමාරුයි.... හිත සෑහෙන්න කඩන් වැටෙනවා... නුඹ ළඟ මං ගැන ආදරයක් නැති උනත්  හිත නතර උනේ නුඹ ළඟ.... කෙනෙක් ජීවිතයට ආදරයක් හොයන්නේ තනිකම මකාගන්න,තමන් වෙනුවෙන් කෙනෙක් ලඟ ඉන්නවා කියලා හිත සනසගන්න,ජීවිතේ දුක සතුට බෙදාගන්න....ඒ හැම දෙයක්ම නුඹ ළඟ තියෙන්නේ දැන්.... මං ගැන නුඹට හිතක් නැති උනත් මම හරි අසරණයි දැන්.... මං ගැන හිතක් නැති නුඹ මගේ හිතට ඇහුම්කන් දෙන්නෙත් නැහැ... හිත සනසගන්න රෑ සිහිනෙන් මවන හීන ඇස් අද්දරින් ගලන් යන්නේ හිතේ දුක අඩුකරගන්න.... මගේ හීන ලෝකෙට පාර හදන්න පුලුවන් නුඹටම විතරයි.... මගේ හිතේ විශ්වාසයක් නැහැ තවත් කෙනෙක් මේ ලෝකෙ ඇති කියලා ඒ දේ කරන්න පුලුවන්.... මගේ නොවෙන නු ඹ ට මං ගොඩාක් ආදරෙයි හැමදාමත්.... නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නති උනත් නුඹෙන් හෙටක් පතනවා..... ගමක කඳුලු නුඹේ නමින් නෙතින් ගලනවා රෑ සිහිනෙන් පෙම් දිව සලු හිත දැවටෙනවා..... ආදරයෙන් පිරුනු ලොවක් ඇතැයි හිතෙනවා එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනව

මල්පිපෙන වසන්තය....

ඉඩක් නැතිලූ හදවතේ ඉඩක් ඇත මගේ හදවතේ ඉඩක් අසලා හදවතේ ඇයිද නොදොඩා හිඳින්නේ වරදිනා හැම ජීවිතේ මතක පාඩම් ගෙනෙන්නේ විඳවනා මේ ජීවිතේ හීන නම් නෑ මියෙන්නේ වැටුන කඳුලුත් ජීවිතේ දුකම මට තව ගෙනාවේ වැටෙන කඳුලුත් ජීවිතේ ඔබට නම් නෑ පෙන්නේ හිතට හැඟුමක් දැනෙන්නේ තවත් බැහැ හිත කියන්නේ පැවසුමුත් ඔබ හිඳින්නේ නොහැඟුනා සේ ඇයි මෙසේ නොදැන පෙම් කල බව හැබැයි නුමුදු දැන් ඔබ එය දනියි මතක් කරනට හිත කියයි මල්පිපෙන බව වසන්තේ....

පාවෙනා ජීවිතය

නුඹට නොපෙනන හිත ඇතුලේ පණ අදින මගේ හීන කෙසේ නම් පවසම්ද සවන් දෙන්නට වත් නුඹට උවමනාවක් නැතිකොට තනියෙන් විදවන්න උරුම මට ඇස් මායිමේ හිටියත් නුඹ දැනේවි දවසක මා නුඹට පෙම් කල බව මල දාක නුදුරේ ඉවසීම ගිය දාක ලැබීම නොලැබීමද දෛවයද සියල්ලම එරෙහිවම මා වෙතට ඒවි තව විඳවන්න මගේ මුලු ජීවිතය නොවැටෙනා කඳුලු හිත ඇතුලෙන්ම මිය ඇදෙන වේදනාව වැඩිය තව පිටට දෙන කඳුලු වල මලෙක් වී නූපන්නේ නම් නුඹ මගේ අදවනවිට දුකයි තව නුඹේ ඔය ඇස් දිහා බලා ඉන්න......

පව් සහ කඳුලු

හීන අද්දර කඳුලු එක්කලා නුඹ එනතුරා මං බලා උන්නා අදත් එලෙසම හිතත් එක්කලා තාම ඉන්නේ නුඹම වෙනුවෙන් පාලු මකනා සිහිල් සුළඟට සුවඳ නුඹගේ කවුද  දුන්නේ හිතුවක්කාර හිත ඔහේ එහේ මෙහේ පාව යන්නේ පරණ මතකය රිදෙන හිත ලඟ තවත් මං ළඟ දඟ කරන්නේ කුමට දුක් ගිනි තවත් උහුලන් මගේ හිත වේදනා විදින්නේ ගෙවන පවුවල උරුම මේ කඳුලැලි වලින් ඒ පවු ගෙවී යන්නේ යලිත් කිසිදා ගෙවන්නට තව පවු එපා මගේ හිත හඬන්නේ....

නින්ද

නුහුරු සයනයක නින්ද සොයන හිත අහලකවත් නෑ නින්ද එන්න ළඟ පාලු අතීතය නින්ද හොරාගෙන අතරමං කරන් මං නැහැ මං ලඟ වැතිර සයනයේ උන්නත් මා ගත තවත් කොහේවත් දුව යන හිත නැත ඒත අතීතයේ අහුමුලුවල හිඳ සතුට සොයනවා හිත සනසන්නට කුමක් කරන්නට අහිමි වුවත් සඳ දෑස පියාගමි නින්දට එන්නට...

නුඹ මං ලඟ නැහැ

තටු හොඳටම රිදිලා හිතත් හොඳටම රිදිලා තවම නුඹ සොයලා මා ගිලන් වීලා එන්න යැයි කියලා කියන්නේ නෑ මා ඒත් පාලුයි හැමදා නුඹම නැති හන්දා තවම තනි හිත මාගේ හඬනවා ඉකි බිඳලා කිසිත් නෑ මගේ මානේ තනිකමයි වද දෙන්නේ......

හිත හොයන උණුහුම

හුඟක් දුර ගිය නුඹේ උණුහුම තවම හිත ළඟ දැවටෙනා තවත් මගේ හිත බලන් ඉන්නේ නුඹම ආයෙත් එනතුරා බලන් උන්නට එන්නේ නෑ නුඹ මගේ යටිහිත හඬන්නා ඒ හඬන බිඳු කඳුලු විලසින් ඇස්කෙවෙනි අග ගලන්නා තාම මතකයි ඒ සොඳුරු රැය ඔබේ තුරුලේ උන්නු ඒ කවද ඉන්නද ඒ විලස යලි සිහිනයක්මයි එය මලේ නුඹට යන්නට හැකිවුනිද ඒ ලෙසින් මා මග දමාලා තවම හඬමින් ඉන්නෙමි මං ඔයා එනකල් නැවතිලා.......

අපි අද කොහේ

හිත ඇවිද යනවා දුර තවම ඔබ නැතුවාට හීන වල හිඳින්නේ ඔබමයි හැමදාට මගේ ළඟ තනිරකින කඳුලු ඒ හැම රෑට වැටෙනවා ඔබ නිසා දුක හිතී මං ගැනම එක්ව යන්නට මගක් සොයා යන්නට දෙදෙන වෙහෙසවූවා මතකද එදාමෙන් අදත් මට අතින් අල්ලන් මගේ හුඟක් දුර ඇවිද ගිය අපි අද කොහේ ඔබ මගේ නෑ කිසිම බැඳීමක්....

මතක පොත

හෙමි හෙමින් පෙරලනා ජීවිතේ පිටු අතර අතීතයේ මතකයන් මවන සිහිනයන් තවම දුරයි තව මට යන්න අවසාන පිටුව වෙත හෙම් හෙමින් කාලයම අවසනට ගෙනෙනු ඇත අවසාන පිටු අතර කුමක් තව ලියන්නට හිස් කොලද නැත තවත් ජීවිතය පුරවන්න නුඹ නො එන හුඟ දුරක ඉන්න බව දැන දැනම ගිනි තබමි මතක පොත මාද ඇවිලී යන්න.....

සිතුවම්

සඳ බැසගියා අද අහසේ තරුද නැත හරි අඳුරුයි කලුවර ඇස් වසා ඇත අඳුරේ අතපතගාන මගේ හිත නුඹේ ලඟ තාමත් රැඳී තියෙනා බව දන්නවද කන කස්බෑවා වියසිදුරකින් බලන කල ඇත මට ඉඩක් ඒ ලෙස තව ඉවසන්න බොඳවී අඳින සිතුවම් රෑ තුන් යාමේ සිහිවී වැටෙනවා සිහිනෙන් කොපුල් මත ඉන්නම් ඉතින් පුලුවන් කල් මං මෙලස එන්නට හැකිය නුඹහට කිසියම් දිනක......

හ්ම්.....

නුඹ නැති පාලුව දැනෙනවා හිතවත තනිවට එනවද මං ලඟ හවසට සුදු වැලි වෙරලේ පෙන පිඬු අතරේ සක්මන් කරන්න අත් වැල් පටලන් සුසුම් වැල් වලින් හදවත පුරවා ලොවට හොරා ආදරේ කරන්නට ආයෙත් දවසක ඇවිදින් යන්නට එනවද හවසක රැල්ල සිඹින්නට එනකල් ඉන්නම් මග බලාන මම එදා වගේමත් ඇවිදින් වෙරලට....

සම්මතය

රොබරෝසියා මල් වැටුනු පාලු මාවත් දිගේ අත් වැල් බැඳන් ලෝකයට හොරෙන් විඳි සුවඳ ඔබේ සුසුම් වල අදටත් මතකයි අඳුරු වීදි වල සක්මන් කරමින් සම්මත අසම්මතයන් අතරේ වෙනස දකින්නට අදටත් නොහැකිව දෙතැනක විඳවන පාලු හදවත් දෙකක් සාප කරනවා අදටත් ලෝකයාගේ සම්මතයට...

මගේ තනියට ඉන්න කඳුලු

නිහඬ සිතුවිලි හදට කොඳුරන ඔබේ මතකය උන්නු මං ලඟ නිල් අහස යට තරු පිරුනු අද රෑම අඳුරුයි නැති නිසාවට පුරුදු තනිකම ලඟට ඇවිදින් නෙත් කෙවෙනි අග සුසුම් ලන සඳ බලා ඉන්නේ කුමට මගේ හද නො එන බව දැන දැනම මා වෙත රිදෙන මතකය තාම මං ලඟ ඔබේ අඩුවට කඳුලු ඇත අද කමක් නැහැ සඳ නො එන් කිසි දින කඳුලු තනිවට හිඳියි මං ලඟ.....

නුඹ තලන මගේ හිත

තැලෙන යකඩය තලන මිනිහා දෙවෙනි නෑ උඹේ හිතේ හැටියට තැලෙන මගේ හිත නුඹට නොවටියි තලන යකඩය තරම්වත් දැන් තාලාපන් නුඹ හිතේ හැටියට හිතට සැනසුම දැනෙන තරමට නැතේ තරහක් උඹේ සැනසුම තරම් නොවටියි මගේ කිසිත් මාහට....

ආදරණීය මල්ලී වෙත...

රිදුන තටු බර වැඩියි නුඹේ හිතට මල්ලියේ රිදුනමුත් තටු නුඹට අවැසිවෙයි හැම දිනේ ඉවසපන් වේදනාව හැමදාම නොම දැනේ තටු විදන් ඉගිලෙන්න තව ටිකක් දුර ඇතේ ඉන්න උඹ ඇහැකි නම් මං ලඟින් හිඳින්නම් මට බරක් නැහැ උඹව හැමදාම රකින්නම් යන්නටම ඕනි නම් යන්න උඹ යනව නම් නැහැ කිසිම තරහක් මගේ හිතේ අදටත් ඉගිල යන නුඹ දිහා බලන් මම හිඳින්නේ ඉගිලියන් නොබලාම මතු දිනක මල්ලියේ යන්න තව දුර ඇතේ නුඹට එය යා හැකියි කූඩුවක නැවතියන් හතිලන්න ඒ දිනේ සියලු සැප ලැබීයන් නුඹ ලඟට හැමවිටේ සතුටින්ම ඉගිලියන් ඇය ලඟට මල්ලියේ....

අලු වෙලා වැටුන මගේ හදවත...

මිදුන හිම කැටි දියව යන්නට වැටුන හිරුගේ කිරණ හමුවේ සීත වියැකී උණුහුමෙන් මුලු ගතම වෙලලා සෙනෙහසින්.... කෝපයෙන් ඒ හිරුම ආපසු කිරන විහිදා වියරුවෙන් දැවී යන්නට හදම මාගේ කිරණ පතුරා අලු කලේ... සිහින් වැස්සක් මා වටා වැටෙමින් තෙමන්නට මා සෙමින්... දියව වැටුනා අලුවෙලා තිබු මා හදත් මගෙ ආදරෙත්...

ඇත්ත...

පාලුවෙන් හූල්ල හූල්ල හිටපු මගේ ජීවිතේට එලියක් අරන් ආවේ ඔයා ඔයා මගේ ජීවිතේට අරන් ආපු එලියෙන් තමයි මම මගෙ ජීවිතේ මේ තරම් හරි දුරක් ආවේ.... මගින් හැරිලා යන්න හිතන් නෙවෙයි ඔයා මං ළඟට ආවේ... ඒත් ඔයාට යන්න සිද්ද වුනා... ඔයා වැරදි නැහැ හැබැයි මම වැරදිත් නැහැ... අ‍යිති නැති දේවල් අයිති වෙන්නෙම නෑ මම දැන් ඒක දන්නව... පලුදු වුන වීදුරුවක වටිනාකමත් අඩුයි අපේ බැඳීමත් එහෙමමයි ආදරෙයි තවමත් මම ගොඩක් ඒත් පලුදු වුන අපේ බැඳීමට පැවැත්මක් නැහැ, ඒක තමයි ඇත්ත...

අපි දෙතැනක....

අහම්බෙන් මා සොයා ඇවිදින් හීන ගොන්නක් දුටුව ඔබ මා ළඟින් හිඳ මගේ කනට කොඳුරා කියූ රහසක් තවම මතකයි එක මගක උන් අප දෙදෙන අද විසිර යන මං නොදැන පාවෙන හිස් වූ අපගේ සොඳුරු ජීවිත පාලු කතරක් වී හමාරයි ඔබ ඉමක මා තව ඉමක විඳවමින් ජීවිත පාලුවෙන් ඒ අතීතය ඔබෙත් මාගෙත් දවන හදවත තෙමාලන අද ඉතිරි එපමණ සදා කාලෙට මතක සටහන් වෙමින් සදහට.....

අහස,තරු සහ මම....

අහසේ තරු පායලා තියෙනවා ඒත් හැමදාමත් අහසෙ තරු දකින්න බැහැ මම හැමදාම අහසේ තරු දැකලත් නැහැ, ඒත් අහස පුරාම තරු තියෙනවා අපිට නොපෙනුනත් තරු ගොඩාක් අහසේ තියෙනවා අපි හිතන් ඉන්නවා සමහර තරු තියෙනවා කියලා ඒත් ඇත්තටම ඒවා නැති වෙලා සෑහෙන්න කල් ඒත් අපි හිතන් ඉන්නව ඒ තරු තවමත් තියෙනවා කියලා... ඒත් සමහර දාට අඳුරු අහස දිහා බලන් මම සුසුම් හෙලනවා අහසෙ තරු නැහැ කියලා ඒත් මට නොපෙනුනාට ගොඩක් තරු අහසෙ තියෙනවා ඒත් මට පේන්නේ නැහැ....

එනවා නම් එන්න

මම හුඟක් දුර ආවා මතකද කීවා දවසක් මම කාගෙ වත් අතින් අල්ලගෙන ආවෙ නැහැ කියලා ඔව් ඔයා හරි... ඒත් ඔයාට අමතක උනා ඔයත් මාත් එක්ක මං ලඟින් ආවා කියලා.... මම තනියම මග පාරක් දන්නෙත් නැහැ යන්න ඉස්සරහට යන්නත් බැහැ එහෙම කියලා මට මෙතන නතර වෙලා ඉන්නත් බැහැ... එනවා නම් එන්න තව ටිකක් බලන් ඉඳලා මම යනවා....

එනවා නම් එන්න...

මම හුඟක් දුර ආවා මතකද කීවා දවසක් මම කාගෙ වත් අතින් අල්ලගෙන ආවෙ නැහැ කියලා ඔව් ඔයා හරි... ඒත් ඔයාට අමතක උනා ඔයත් මාත් එක්ක මං ලඟින් ආවා කියලා.... මම තනියම මග පාරක් දන්නෙත් නැහැ යන්න ඉස්සරහට යන්නත් බැහැ එහෙම කියලා මට මෙතන නතර වෙලා ඉන්නත් බැහැ... එනවා නම් එන්න තව ටිකක් බලන් ඉඳලා මම යනවා....