සම්මතය

රොබරෝසියා මල් වැටුනු
පාලු මාවත් දිගේ
අත් වැල් බැඳන්
ලෝකයට හොරෙන්
විඳි සුවඳ ඔබේ
සුසුම් වල
අදටත් මතකයි

අඳුරු වීදි වල
සක්මන් කරමින්
සම්මත අසම්මතයන්
අතරේ වෙනස දකින්නට
අදටත් නොහැකිව
දෙතැනක විඳවන
පාලු හදවත් දෙකක්
සාප කරනවා අදටත්
ලෝකයාගේ සම්මතයට...

Comments

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව