Posts

Showing posts from August, 2017

වසන්තය....

හිත පුරා පිරි වසන්තය රැඳි සුවඳ මල් පිපි මල් වනේ නිති බඹරු එති මල් සුවඳ බොති ඉගිලිලා යති එක රැලේ මල් පිපී ඇති සුලඟේ ලෙල දෙන මල් උයන් නෙක ඇති අගේ කැලෑ මල් වග අමතකද තව කවුරු නෙලුවද මල් වනේ සුවඳ පිරුනත් මලේ නුඹ පරවෙනවමයි නුඹ හෙට දිනේ රකින දෑතක් වෙතක රැඳියන් අතින් අත නොයමින් හදේ බඹරු එති යති ඉන් එකදු එකි නෙලන්නේ නෑ මල් වනේ රොන් රැගෙන යති මල තලාගෙන අගේ නෑ උන් යති ඔහේ අගේ ඇති උඹ දෝතේ ඇති විට සෙමින් නුඹ සිඹ රිසි ලෙසේ පැන් ඉහා බුදු පුදට ගෙන යමි වරෙන් යන්නට විගසිනේ ....

නුඹ එනකල්

බයක් ඇවිදින් හිත පුරා මගෙ දෙගියාවක් රජයමින් හිතක් නෑ තව කිසිත් කරනට විසිරිලා  හිස් හැඟුමකින් නුඹත් නෑ ළඟ කිසිත් කියනට වෙන එකෙක් හා තනිකමින් බයයි මට නම් කොහොම කිව්වත් මගේ හිත නුඹ ගැන තදින් අල්ලගන්නට බලෙන් බැරි බව දනිමි මම එය සත්තකින් ඒත් හිත මගේ නොසන්සුන් වී දවනවා සිත ගත තදින් ආදරේ බව හැබෑවක් මුත් දෙදෙන අපි මිනිසුන් ලෙසින් වැරදි වෙන්නට ඉඩක් ඇති බව දන්නවා අපේ හිත් තදින් රිදෙන තැන් එයි එයයි ඇත්තට හැබෑ හැඟුමක් හිත යටින් ඒත් නුඹ ගැන හිතේ ආලය එලෙස පවතියි තිබු ලෙසින් නුඹ මගේ බව මං නුඹේ බව පුන පුනා කීවත් ඉතින් අපි අපේමයි කොහොම වූවත් එය හිතේ ලියලා තියන් හවස් වී නුඹ යලි එනා තෙක් නොඉවසිල්ලෙන් හිත දුවන් බලන් ඉන්නම් මඟට වී මං හනික මං සොයලා වරෙන්

සීයා

වැහැරිලා දුබල වුනු කෙසඟ කය පණ නැතිව පාවෙලා වැනෙනවා අත් වාරුවක් නැතිව රැලි වැටී දියව ගිය ඇටකටුත් පෙනෙන්නට තවම එහෙ මෙහේ දුවයි සීයා පුලුවන් ලෙසට ඒ කාලේ තිවු අඩවු මටත් තාමත් මතක ඒත් දැන් වයසයි නේ කොහොම නම් කල් ගෙවුව අවසාන කාලයට හෙමින් තව ළං වෙන්න අපි හැමට උරුම උනු ඒ කටුක සත්‍යයට අපිත් දවසක ඉතින් ළංවෙනවා නොදැනීම ඉවරයක් කොහි ඇත්ද දිවිල්ලක් නිම නොවෙන නිවන්නට මඟ සොයන් යන්නටම හිත නැද්ද ....