සීයා

වැහැරිලා දුබල වුනු
කෙසඟ කය පණ නැතිව
පාවෙලා වැනෙනවා
අත් වාරුවක් නැතිව
රැලි වැටී දියව ගිය
ඇටකටුත් පෙනෙන්නට
තවම එහෙ මෙහේ දුවයි
සීයා පුලුවන් ලෙසට
ඒ කාලේ තිවු අඩවු
මටත් තාමත් මතක
ඒත් දැන් වයසයි නේ
කොහොම නම් කල් ගෙවුව
අවසාන කාලයට
හෙමින් තව ළං වෙන්න
අපි හැමට උරුම උනු
ඒ කටුක සත්‍යයට
අපිත් දවසක ඉතින්
ළංවෙනවා නොදැනීම
ඉවරයක් කොහි ඇත්ද
දිවිල්ලක් නිම නොවෙන
නිවන්නට මඟ සොයන්
යන්නටම හිත නැද්ද ....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව