දොස්තර මල්ලීට
පුරා සයවසක් දුක් ගැහැට විඳ සුදු කබායක් පොරවගෙන නුඹ නලාවක් ගෙන කරේ දවටා කොයිද විගහින් පිය මනින්නේ නලා හඬටත් තිගැස්සෙන නුඹ රැයෙත් නිදි නැත අවදියෙන් කොතෙක් වෙහෙසත් ඉවසලා නුඹ කුමට පෙරුමන් පුරන්නේ ඇතත් පවුලක් නැතේ ඉඩකුත් රෝහලේ දිවි ගෙවෙන්නේ එකතු කරනා පිං වලින් නුඹ දිව්‍ය ලෝකය දකින්නේ රුදුරු සසරට චන්ඩිකම් කර එතෙර වන්නට ඉඩ ඇතේ පිං ඇතේ නුඹ එක්කලා හැම ආත්මය සරසනු ඇතේ කාසි මත්තෙම නොනැහෙනා නුඹ මට අගේ නුඹ මට අගේ ඉදින් හැමදා ඔයාකාරෙන් හිඳින් නුඹ මගේ මල්ලියේ.......