Posts

Showing posts from 2020

තාම අපි අපේමයි...

දුර ආව අතීතෙක අහඹු එක ඇරඹුමක මතයන් තැනින් තැන විසිරිලා අපි ළඟම කොහෙන් හෝ ආව මඟ දුශ්කරයි දෙහිතටම තාම අපි අපේමයි ගතින් දුර උනත් අද ඉඳ හිටත් මොහොතකට මං ලඟට සොයා එන නුඹ නැතිව ගෙවන හැම මොහොතක්ම නුඹම ගැන, අහනවා හිත මගේ ඇයි තවම පමා නුඹ අමතනා මොහොතකදි හුස්ම බර වෙන නිහඬ නුඹට දැනෙනවා ඇති හෙලන මගේ සුසුම් හඬ...