Posts

Showing posts from May, 2017

ටිං කැඩිල්ල

මම එතකොට ඉස්කෝලේ 8 වසරේ , ලොකු මල්ලි 5 වසරේ .... චූටි එකාට යන්තම් වයස 2ක් ඇති ..... අපේ තාත්ත නෙවෙයි අපිට ගෙදරින් එලියටවත් බහින්න දෙන්නේ ..... අපේ ගෙට උඩහ ඔෆිස් එකක් තිබුනා ... ඔතනට තමයි ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික එකතු වෙන්නේ සෙල්ලම් කරන්න ..... මමයි ලොකු මල්ලියි හෙන ආසයි ඉතිම් සෙල්ලම් කරන්න යන්න .... ඒත් තාත්තා යන්න දෙන්නේ නෑ අපිට .... ඕකට මම හොඳ උප්පර වැට්ටියක් හොයාගත්තා ..... ඒ තමයි චූටි මල්ලිව එලියට එක්කන් යනවා කියලා උගේ පිටි දාල මාත් සෙල්ලම් කරන්න යන්න .... ඇත්තටම අම්මලා ඒ කාලේ ගත කරපු කලබල ජීවිතයත් එක්ක මම තමයි මල්ලිව බලාගත්තේ ..... ඌට ඒ කාලේ ඇවිදින්නවත් බෑ හරියට .... පරිස්සම් කරන්න ඕනි , වැරදිලාවත් වැටිලා තුවාලයක් එහෙම උනොත් මම එදාට වසලා හමාරයි ..... කොහොම හරි පොඩි එකත් වඩන් මාත් යනවා සෙල්ලම් කරන්න .... ඌව කොහෙන් හරි බිමකින් වාඩි කරවලා අරලිය මල් ඩෙහ්ක තුනක් අතට දුන්නම ඌ එක තැනකට වෙලා ඉන්නවා .... මමයි මල්ලියි සෙල්ලම් කරනවා ... එහෙම නැත්නම් යාලුවො කවුරු හරි සෙල්ලම් කරන්නේ නැති එකෙක් මල්ලිව බලාගන්නවා ... අපි ඒ දවස් වල කලේ ටිං කැඩිල්ල .... ටිං කඩනවා කියන්නේ ටින් බෙලෙක්ක සෙට් එකක් එකක්