Posts

Showing posts from April, 2018

හිත් පැටලුම

එයිද නේවිද  දන්නේ නෑ මම තවම හිත නුඹ ලඟ නිසා දුරද කොහේ නුඹ මක් කරනවද තව කිසිත් මට නොපවසන නිසා දුන්නු පෙම මම නොකිලිටි ලෙස නුඹේ උරුමය ලෙස සිතා කෙසේ නම් නුඹ  පිටුපාන්නට හදට දුන් හැඟුමන් නිසා සියුම් ඉඳිකටු තුඩක් අනිනවා මතක නුඹ ගැන සිහි වෙලා නුඹේ සතුටට හෙව්ව සිහිනය බොඳ වෙලා බව දැනෙනවා හරිද නුඹ අද පෙමට එරෙහිව අවි අමෝරා මත් වෙලා උඩඟු හැඟුමට යට වෙලා අද අතීතය අතහැර දමා ආව ගමනට දුන්නු ශක්තිය හැකිලෙසට උඹ හැම ලෙසින් තනි මගේ නොව අපේ වුනු අපි කතාවක් ගෙතුවේ ඉතින් අමතකද ඒ අතීතය අපි අත් පටලගෙන ආ ලෙසින් කෙලෙස හතුරන් වගේ අද අපි හිත් පටලගෙන තරහකින් යන්න යනවද තව ඉන්නවද එදා හිතුවෙත් නුඹ තමයි අදත් වෙනසක් නෑ තවත් මගේ තීරනය නුඹගේ තමයි කොහොම කිව්වත් මගේ හිත හැමදාම නුඹ ලඟ වද වෙවි පෙරදා වගෙයි ආයෙ දවසක හමු උනොත් අපි හිනාවෙමු මිතුරන් ලෙසින් ....