හිත් පැටලුම

එයිද නේවිද  දන්නේ නෑ මම
තවම හිත නුඹ ලඟ නිසා
දුරද කොහේ නුඹ
මක් කරනවද තව
කිසිත් මට නොපවසන නිසා
දුන්නු පෙම මම
නොකිලිටි ලෙස
නුඹේ උරුමය ලෙස සිතා
කෙසේ නම් නුඹ  පිටුපාන්නට
හදට දුන් හැඟුමන් නිසා

සියුම් ඉඳිකටු තුඩක් අනිනවා
මතක නුඹ ගැන සිහි වෙලා
නුඹේ සතුටට හෙව්ව සිහිනය
බොඳ වෙලා බව දැනෙනවා
හරිද නුඹ අද පෙමට එරෙහිව
අවි අමෝරා මත් වෙලා
උඩඟු හැඟුමට යට වෙලා අද
අතීතය අතහැර දමා

ආව ගමනට දුන්නු ශක්තිය
හැකිලෙසට උඹ හැම ලෙසින්
තනි මගේ නොව අපේ වුනු
අපි කතාවක් ගෙතුවේ ඉතින්
අමතකද ඒ අතීතය අපි
අත් පටලගෙන ආ ලෙසින්
කෙලෙස හතුරන් වගේ අද අපි
හිත් පටලගෙන තරහකින්

යන්න යනවද තව ඉන්නවද
එදා හිතුවෙත් නුඹ තමයි
අදත් වෙනසක් නෑ තවත් මගේ
තීරනය නුඹගේ තමයි
කොහොම කිව්වත් මගේ හිත
හැමදාම නුඹ ලඟ
වද වෙවි පෙරදා වගෙයි
ආයෙ දවසක හමු උනොත් අපි
හිනාවෙමු මිතුරන් ලෙසින් ....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව