එන්න ආපසු....

ආදරෙයි නම් හිතට තාමත්
ඇයිද ඔය හැටි මග බලන්
දුරින් ඉඳගෙන රවා බැලුවත්
හිතේ ආදරේ තද කරන්

නිවෙන්නට හිත තරහා
මං ගැන දුන්නු ගින්දර මතකයන්
නුඹට වාගෙම මටත් රිදෙනවා
හුස්ම ටික මගේ හිර කරන්

කාලේ ආපසු හරවන්න බෑ
අපිට අපි ඕනෑ උනත්
ඒත් තාමත් ඉඩක් තියෙනවා
හිත් වලට නුඹ කැමති නම්

බලන් ඉන්නම් කමක් නෑ තව
නුඹව මට ඕනෑ ඉතින්
හිතින් අහපන් එන්න තාමත්
හිතට ඇහැකිද පෙර ලෙසින්

ඒවි දවසක් එකට හමුවන
උනුන් නන්නාඳුන ලෙසින්
හැකිද එදිනට හිනා වෙන්නට
කඳුලු පුරවන් ඇස් වලින්....

Comments

  1. ඒක මාරයිනෙ සිංදුවකට නම් ලස්සනට තියෙයි ❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හිත් පැටලුම

නුඹට හිතැති නුඹ හිත නැති හිත.......

අමනුශ්‍ය ආත්ම