වැරදි හෙවන...

වැරදිලා සිත නැවතිලා
මග ලැබුන හෙවනට රැවටිලා
නිවූවා ගිම් හැකි ලෙසට මං
ලැබුන හෙවනින් සැනසිලා

කලක් ගතවී දැනෙන හැඟුමන්
වැරදිලා බව කල් බලා
මක් කරන්නද ඉන්න යන්නද
හිතනවා හිත හිතනවා

නුඹේ සෙවනට ලොල් වෙලා මං
රැවටුවා හිත රැවටුවා
දැනෙන හැඟුමන් මගේ නොවෙන මෙහි
දවනවා හිත තැවෙනවා

වැරදි අඩු ඇති අපි මනුසතුන් වෙමු
සර්වසම කිසිවෙක් නොවේ
ඒත් සැමහට සුදුසු තැන් ඇත
හැම හෙවන හෙවනක් නොදේ

නුඹ මගේ මුත් මා නුඹේ නොව
හිතේ හැඟුමන් සැලෙන්නේ
සෙවෙන මෙය නොව මං බලා උන්
ඉරට හිත මගේ පිලිස්සේ

හරි තැනක් නම් මෙහෙම වේවිද
රිදෙන හිත මගේ කියන්නේ
හිත නෙවෙද හරි වැරදි මම නෙව
මටත් දැන් එය දැනෙන්නේ

නුඹේ වරදක් නැතෙයි හිතවත
වරද ඇත්තේ හදවතේ
නොගැලපෙන හිත් දෙකක් එකතුව
යනගමන් නෑ කිසිලෙසේ

රිදෙනමුත් හිත් තවත් කුමටද
ඉවසලා අපි තැවෙන්නේ
මඟ දෙකක උන් අපි එකට යන
ගමන් තව නෑ යැවෙන්නේ

අලුත් හෙවනක් ලැබෙයි නොලැබෙයි
තවත් මම නෑ හිතන්නේ
මේ හෙවන අත හැරලා හෙමිහිට
මගේ ගමන පියමනින්නේ

සමාවක් උවමනා නෑ මට
නුඹද එය ගැන හිතන්නේ
යන එනක මඟ හොඳින් හිටපන්
අදින් මම නෑ හොයන්නේ ....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව