නුඹ වෙනුවෙන්....

රිදෙන රිදෙන විට
තැලෙන මගේ හිත
යකඩ නොවෙයි
නුඹ හිතන් උන්නටම
කැපෙන කැපෙන
විට කඩුවක මුවහත
ගෙවෙන ගෙවෙන බව
නොදනිද දවසක
කෝප උනු විටෙක
ගිනිගෙන හදවත
වතුර සිතා මම
හැම විට උඹ ලඟ
පිදුරු නොවෙයි
නිවුවේ උඹේ හදවත
ආදරයයි මගේ
හද උතුරා යන ...
පෙනුන ලෙසම මගේ
වරදක් ඇති නම්
හිතුවොත් නරකද
හරිද කියලා නුඹ
පුදන සෙනෙහේ
නුබ වෙනුවෙන් පමණක
කුරුරු කමද හිමි
සතුටක් වෙනුවට
උපන්න අපි හෙට
යායුතුමයි යලි
කුමට වෙහෙසකර
පඹ ගාලක නුඹ
සොයන සැනසිල්ල
ඇත්තේ නුඹ ලඟ
නුඹට නොපෙනෙන්න
ඇස් බැඳ නුඹමම
කුමක් කරන්නද
මම තව ලඟ හිඳ
නුඹේ ඇස් නුඹම
විවර කරන් යලි
බලන්න හොඳ හැටි
මම නුඹ ළඟ ඇති....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව