සුභ පතන්නම්....

සමාවුව මැන යන්න අවසර
එපා මට ඔබගේ ලඟින්
යන්න හිතුනම යන්න යනවා
කුමට තව ලතැවී හදින්
උඹට දුන් පෙම එපා යලි මට
තියාගන් මතකය ලෙසින්
අතීතයේ දවසක ඔබෙන් මා
සමු ගත්ත සටහන ලෙසින්
ඇවිද ආදුර මඟ ගෙවාගෙන
එකෙකු ලෙස අපි හැකි ලෙසින්
තනිව යමි මම මෙයින් ඉවතට
හිතේ සැනසුම පසුපසින්
උනා නම් අඩුපාඩුවක්
මගේ අතින් නුඹහට කිසිලෙසින්
සමාවුව මැන අදින පසු නෑ
වැරදි වෙන්නේ මගෙ අතින්
හිතේ ඉපදුනු කුලුදුලේ හැඟුමන්
නොවේ මේ විඳින්නේ
ආලයේ රස වගේමයි
දුක් විඳිද්දී මගේ හිත යටින්
අහවරයි දැන් ඒ සියල්ලම
යායුතුය මම දැන් ඉතින්
සුභ පතන්නම් යනෙන ගමනක
සාර්තකවේවා ඉතින් ....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව