හරිද තවම මම

දෙතොල නොකී දේ
දැනෙනා හදවත
මොහොතක නැවතී
ලතවෙනවා
හිතත් එක්ක මම
මගේම සටනක
පැරදුම එක්කලා
වද වෙනවා ...
දැනෙන හැඟෙන
හිත් දෙලොවක් අතරට
රහසේ මා කැඳවන් යනවා
කොයින් කොහොම  හරි
එලියට එන්නට
පාර හොයන් මං
ඇවිදිනවා...
නුහුරු නැතිව ඇති
මගේම හිත ලඟ
දුවන පනින මගේ
හැඟුමන් නුඹ ගැන
හිතන්නට වරක්
ආයෙත් මං ගැන
මටම හිතෙනවා
හරිද තවම මම ....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව