නන්දලෝචන...

නන්දලෝචන

උගේ සම්පූර්න නම නන්ද ලෝචන , හැබැයි කවුරුවත් ඌට නන්ද කියලවත් ලෝචන කියලවත් කතා කලේ නෑ .... දන්න කාලේ ඉඳලා හැමෝම කතා කලේ නන්දලෝචන කියලා ..... මම එක වසරෙ ඉඳන් 8 වසර වෙනකල් ගියපු ඉස්කෝලේ ඌ උන්නේ .... කෙට්ටුම කෙට්ටු , කලුම කලු , ඇස් දෙක ටිකක් ලොකු චූටිම චූටි කොල්ලෙක් .... හැබැයි රන්ඩු කෙක්කක්.... කුණුහරප මල්ලක් ....කොහේ ගියත් වලියක් , හැබැයි හැමෝගෙන්ම ගුටි කන එක කලේ ... මට ඌව පෙන්නම බෑ, කාත් එක්කවත් වලි දාගන්නේ නැති මමත් ඌ එක්ක වලි ...නන්දලෝචන ඉස්කෝලේ වැඩ වලට හරිම දුර්වල ලමයෙක් , මට මතක විදියට ඒ ලමයට ඉස්කෝලේ 6 වසර වෙද්දිවත් හරියට ලියන්න කියවන්න බෑ ....මට ඌව හොඳටම මතක 6 වසරේ පන්තියෙදි ...
1 වසරේ ඉඳන් 5 වසර වෙනකල් අපි එකම ලමයි සෙට් එක හිටියේ .... 6 වසරේදි තමයි ආයේ පංති බෙදුවේ ....නන්දලෝචනවත් වැටුනේ අපේ පංතියට ....පන්තියේ හිටපු පිරිමි ලමයින්ගෙන් හොඳටම වැඩ කලේ මමයි මගේ හොඳම යාලුවයි .... කොහොම හරි පන්ති භාර මිස් අපි දෙන්න මැද්දට නන්දලෝචනව දැම්මේ ඌට ඉගෙන ගන්න උදවු කරන්න කියලා .....ඒත් හිතේ තිබුන අකමැත්ත නිසා ඌව අපි කොන් කලා සෑහෙන්න .... ඌත් නිකම් උන්නේ නෑ , අපිට නම් පටබැන්දා
අපහාස කලා ... අපිත් එකට එකම කලා .... නන්ද ලෝචන එක්ක කවුරුත් හොඳ නෑ පන්තියේ .... හැමෝම කොන් කලා ..... ඉස්සර නන්දලෝචනලගේ අම්ම එනවා ඉස්කෝලේට , මූ දාගන්න ප්‍රශ්න බේරන්න .... පවු ඒ මනුස්සයත් පෙනුමින් නන්ද ලෝචන වගේමයි...සෑහෙන්න දුක් විඳලා ජීවත් වෙන පාටක් තිබුනේ ..... ඒත් අවදාවත් නන්ද ලෝචන නම් වෙනස් උනේ නෑ , අපි ඌට සලකපු විදිය වෙනස් උනෙත් නෑ ... මට නන්දලෝචනව හොඳටම  මතක 6 වසරෙදි විතරයි ..... ඔය අතරෙ මම 8 වසරෙදි ඉස්කෝලේ මාරු කරනවා .... මට මතක විදියට ආයේ මට නන්ද ලෝචනව මුණ ගැහෙන්නේ මම ඕලෙවල් කරන කාලෙ .... ඒ මම 8 වසෙර්න් පස්සෙ ගිය ඉස්කෝලේ පාරේ තිබුන ගරාජ් එකක .... නන්දලෝචන එතකොටත් කෙට්ටුයි ... හැබැයි සෑහෙන්න උස ගිහින් , කලින් වගෙම තමයි පෙනුම ..... ඒත් ඉස්සර වගේ නෙවෙයි , මාත් එක්ක හොඳට කතා බහ කලා ... ඒත් මට ඌ මාත් එක්ක කතා කරන එක ලැජ්ජවක් උනා .... ගොඩක් වෙලාවට වචනයක් දෙකක් කතා කරලා මම මාරුවෙන්න පුරුදු උනා ... සමහර දාට මට ඌව හම්බුන පුට් සයිකලේ යනවා ... ඒ වෙලාවට ඌ හිනා වෙලා යනව ... මාත් හිනාවක් දාල යනවා ....ඌ ඒ ගරාජ් එකෙන් අයින් උනා මට මතක විදියට ....එදායින් පස්සේ අට කවදාවත් නන්ද ලෝචනව හම්බෙලා නෑ ...කොහේ ඉන්නවද මක් කරනවද කියලා දන්නේ නෑ ... ඌව හිටපු ගමන් මට අද මතක් උනේ ටව ටිකක් දවසකින් මගේ පරණ ඉස්කෝල ගෙට් එක , ඒකට එන්න කියල යාලුවෙක් කතා කලා ... අපේ පන්තියේ ඖ නන්දලෝචන විතරයි කිව්වා ... ඒත් එක්කම පරණ අතීතය මතක් උනා ... ඉස්කෝලේ යන පොඩි ලමයෙක් විදියට මගේ එදා හැසිරීම සාදාරන උනත් මම ඒ හැසිරීම ගැන අද ලැජ්ජ වෙනවා .... මම මම ගැනම ලැජ්ජ වෙනවා ... ආයේ ඌ හම්බුනොත් දවසක කරට අත දාගෙන කොහොමද මචන් කියලා අහනවා අනිවා...

#මගේ_පිස්සු_හිත

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව