නුඹට කියවන්න කවි ලියමි...

නුඹව දුටු දා හීන දුටුවා
අතින් එල්ලී දුරක් යන්නට
මගක් ආවා
ගිලිහුනා අත හීන දුටු
ඒ බොඳ වෙලා අද
තාම නුහුරුයි තනිකමට
හිත තවම ඉල්ලයි
උණුහුමට නුඹ
නැතේ නුඹ අද
අහල පහලක
අහන්නටවත් මගේ දුක සැප
එදත් ලියු කවි ඔබට පමණයි
අදත් තව මං ලියමි කවි පද
කොහේ හෝ හිඳ දකියි
සිතමින් තවත් ගොතනෙමි
නුඹට පෙනෙන්නට.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව