අහස,තරු සහ මම....

අහසේ තරු පායලා තියෙනවා
ඒත් හැමදාමත් අහසෙ තරු දකින්න බැහැ
මම හැමදාම අහසේ තරු දැකලත් නැහැ,
ඒත් අහස පුරාම තරු තියෙනවා
අපිට නොපෙනුනත් තරු ගොඩාක් අහසේ තියෙනවා
අපි හිතන් ඉන්නවා සමහර තරු තියෙනවා කියලා
ඒත් ඇත්තටම ඒවා නැති වෙලා සෑහෙන්න කල්
ඒත් අපි හිතන් ඉන්නව ඒ තරු තවමත්
තියෙනවා කියලා...
ඒත් සමහර දාට අඳුරු අහස දිහා බලන් මම සුසුම් හෙලනවා
අහසෙ තරු නැහැ කියලා
ඒත් මට නොපෙනුනාට ගොඩක් තරු අහසෙ තියෙනවා
ඒත් මට පේන්නේ නැහැ....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව