ආදරණීය මල්ලී වෙත...

රිදුන තටු බර වැඩියි
නුඹේ හිතට මල්ලියේ
රිදුනමුත් තටු නුඹට
අවැසිවෙයි හැම දිනේ

ඉවසපන් වේදනාව
හැමදාම නොම දැනේ
තටු විදන් ඉගිලෙන්න
තව ටිකක් දුර ඇතේ

ඉන්න උඹ ඇහැකි නම්
මං ලඟින් හිඳින්නම්
මට බරක් නැහැ උඹව
හැමදාම රකින්නම්

යන්නටම ඕනි නම්
යන්න උඹ යනව නම්
නැහැ කිසිම තරහක්
මගේ හිතේ අදටත්

ඉගිල යන නුඹ දිහා
බලන් මම හිඳින්නේ
ඉගිලියන් නොබලාම
මතු දිනක මල්ලියේ

යන්න තව දුර ඇතේ
නුඹට එය යා හැකියි
කූඩුවක නැවතියන්
හතිලන්න ඒ දිනේ

සියලු සැප ලැබීයන්
නුඹ ලඟට හැමවිටේ
සතුටින්ම ඉගිලියන්
ඇය ලඟට මල්ලියේ....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව