මගේ තනියට ඉන්න කඳුලු

නිහඬ සිතුවිලි
හදට කොඳුරන
ඔබේ මතකය
උන්නු මං ලඟ

නිල් අහස යට
තරු පිරුනු
අද රෑම අඳුරුයි
නැති නිසාවට

පුරුදු තනිකම
ලඟට ඇවිදින්
නෙත් කෙවෙනි අග
සුසුම් ලන සඳ

බලා ඉන්නේ කුමට
මගේ හද
නො එන බව දැන දැනම
මා වෙත

රිදෙන මතකය
තාම මං ලඟ
ඔබේ අඩුවට
කඳුලු ඇත අද

කමක් නැහැ සඳ
නො එන් කිසි දින
කඳුලු තනිවට
හිඳියි මං ලඟ.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව