ඇත්ත...

පාලුවෙන් හූල්ල හූල්ල හිටපු මගේ ජීවිතේට
එලියක් අරන් ආවේ ඔයා
ඔයා මගේ ජීවිතේට අරන් ආපු
එලියෙන් තමයි මම මගෙ ජීවිතේ
මේ තරම් හරි දුරක් ආවේ....
මගින් හැරිලා යන්න හිතන් නෙවෙයි
ඔයා මං ළඟට ආවේ...
ඒත් ඔයාට යන්න සිද්ද වුනා...
ඔයා වැරදි නැහැ
හැබැයි මම වැරදිත් නැහැ...
අ‍යිති නැති දේවල්
අයිති වෙන්නෙම නෑ
මම දැන් ඒක දන්නව...
පලුදු වුන වීදුරුවක
වටිනාකමත් අඩුයි
අපේ බැඳීමත් එහෙමමයි
ආදරෙයි තවමත් මම ගොඩක්
ඒත් පලුදු වුන අපේ බැඳීමට
පැවැත්මක් නැහැ,
ඒක තමයි ඇත්ත...

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව