පාවෙනා ජීවිතය

නුඹට නොපෙනන හිත ඇතුලේ
පණ අදින මගේ හීන කෙසේ නම් පවසම්ද
සවන් දෙන්නට වත් නුඹට උවමනාවක් නැතිකොට
තනියෙන් විදවන්න උරුම මට ඇස් මායිමේ හිටියත් නුඹ

දැනේවි දවසක මා නුඹට පෙම් කල බව
මල දාක නුදුරේ ඉවසීම ගිය දාක
ලැබීම නොලැබීමද දෛවයද සියල්ලම
එරෙහිවම මා වෙතට ඒවි තව විඳවන්න මගේ මුලු ජීවිතය

නොවැටෙනා කඳුලු හිත ඇතුලෙන්ම මිය ඇදෙන
වේදනාව වැඩිය තව පිටට දෙන කඳුලු වල
මලෙක් වී නූපන්නේ නම් නුඹ මගේ අදවනවිට
දුකයි තව නුඹේ ඔය ඇස් දිහා බලා ඉන්න......

Comments

  1. 1000ට සුභ පැතුම්...............

    ReplyDelete
  2. අවංකවම ලස්සනයි............

    ReplyDelete
  3. බොහොම ස්තූතියි දෙන්නටම....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව