නින්ද

නුහුරු සයනයක
නින්ද සොයන හිත
අහලකවත් නෑ නින්ද
එන්න ළඟ
පාලු අතීතය
නින්ද හොරාගෙන
අතරමං කරන්
මං නැහැ මං ලඟ
වැතිර සයනයේ
උන්නත් මා ගත
තවත් කොහේවත්
දුව යන හිත නැත
ඒත අතීතයේ අහුමුලුවල
හිඳ සතුට සොයනවා
හිත සනසන්නට
කුමක් කරන්නට
අහිමි වුවත් සඳ
දෑස පියාගමි
නින්දට එන්නට...

Comments

Popular posts from this blog

හිත් පැටලුම

එන්න ආපසු....

තාම අපි අපේමයි...