මං පොඩි කාලේ

ඉස්සර මමයි මල්ලියි පොඩි කාලේ අපේ ගේ ලඟින් පොඩි දොල පාරක් ගලාගෙන ගියා ... දොල පාරක් කිව්වට ඒක ඇත්තටම තිබුනෙ කුඹුරුවලට වතුර ගෙනියන්න .... ඉස්සර වැහි කාලෙට ඔය දොල පාර දෙගොඩ තලා යනවා ... හැබැයි මහ වෙලාවකට නෙවෙයි ...පැය දෙක තුනකට වගේ තමයි , එහෙමත් දවසක තමයි ටිකක් වෙලා සැරට වතුර පාර ගලන්නේ .... ඒත් වතුර දනකට ටිකක් වැඩිය ඇති , මට මතකයි ඉස්සර ආච්චි කියනවා තාත්තලා පොඩි කාලේ නම් ඇල සෑහෙන්න ගැඹුරයිලු ....

තාත්තලා ඉස්සර ඇලෙන් නාලත් තියෙනවලු , ඒත් අපි පොඩි කාලෙ නම් ලොකු වතුරක් තිබුනෙ නැහැ ... ඔන්න ඉතින් ඔහොම ඉඳල හිටල වැහැපු දවසට මගෙයි මල්ලිගෙයි රාජකාරිය පහුරක් හදන එක ... පහුරක් කිව්වට මොකද අපි දෙන්නා කරන්නේ සීයා ගෙදර ගෙනත් ගොඩගහල තියෙන උන බට තුනක් විතර එකට ගැට ගහලා වතුරට දාන එක කරන්නේ .... ඒ උන ගහක් උස්සගන්න තරම් වත් පනක් නැහැ අපි දෙන්නට ඒ තරමට පොඩි බට්ටො දෙන්නෙක් ... ඒත් ඉතින් කොහොම හරි අපේ ආතල් එක අපි ගන්නවා අම්ම කෝටුවක් අරන් ඇල ලඟට එනකල්ම , එහෙමත් දවසක තමයි කෙහෙල් කොටයක් හම්බෙන්නේ පහුරක් හදාගන්න ... 

නාන්න තරම් වතුරක් නොතිබුනත් වැහිදාට නම් අපි ඇලේ නටනවා , වැස්ස පායනකල් ඉඳලා අම්මට හොරෙන් වතුරට පනින එක තරම් තවත් ආතල් එකක් නැහැ අපි දෙන්නට ඒ දවස් වල ඉතින් .... ඒත් අද වෙද්දි ගෙවල් වල තාප්ප වලට වතුර පාර වැහිලම ගිහින් , වැහිදාට නම් පොඩි වතුර පාරක් තියෙනව තවම ... තවම මතකයි ඉස්සර අපි ඇලට බැහැලා මාලු අල්ලනවා , වැලි ගොව්වෝ එහෙම හිටියා ඉස්සර ඇති වෙන්න ... දැනුත් මාලු නම් ඉන්නවා , ඒත් පුංචිම පුංචි දියපාරක් විතරයි දැන් නම් තියෙන්නේ .... තව ටික කාලයක් යද්දි එකත් නැතිවෙලා යයි ....

Comments

  1. මටත් මතක් වුණා පොඩි කාලේ අපි මාලු අල්ලන්න කියලා යන අැල... හැබැයි කවදාවත් අල්ලපු මාලුවෙක් නෑ......

    ReplyDelete
  2. අපි නම් මාලු ඇල්ලුවා හැබැයි :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව