- වැස්ස -

පොඩි කාලේ ඉඳන් වැස්ස කියන්නේ මගේ ජීවිතේ ආසම දෙයක් , ඉස්සර මම වැඩියෙන්ම ආස රෑට වහිනවට .... උලු අතරින් එන හිරිකඩ මූනෙ විතරක් වදින්න ඉඩ දීලා මුලු ඇන්ගම වැහෙන්න රෙද්දක් පෙරවන් ඇඳට වෙලා ඉන්න තරම් තවත් සැපක් තිබ්බේ නෑ ඒ කාලේ ..... මාරම සීතලයි මුලු ගේ ඇතුලම .....
ඒ උනාට කොච්චර ආස කලත් එහෙම ඇඳට වෙලා ඉන්න බෑ , ගෙයි තෙමන තැන් වලට භාජන තියන්න ඕනි .... නැත්නම් මුලු ගේම විනාසයි .... ගෙදර තිබුන සේරම  භාජන තියලා අන්තිමට හැලි වළනුත් තිබ්බ දවස් තිබ්බා .... ඒ තරමට ගෙදර තෙමනවා ඒ දවස් වල..... අම්ම තනියෙන් කරන යුද්දේ  බලන් ඉන්න බැරි නිසාම කොච්ච උනත් ඒ හැම දවසකම මම ඇඳෙන් බැහැලා ගියා වැස්ස වෙලාවට .....තාත්තා හදපු දිග හෙල්ලක් තිබුනා අපේ ගෙදර , ඒක හරි කොස්ස හරි අරන් වතුර බේරෙන උලු කැටේ පොඩ්ඩක් ඉස්සුවම ගොඩක් වෙලාවට එතනින් වතුර එන එක නැවතුනා .... ඒත් ගොඩක් තැන් වලින් වතුර ආවා එහෙම කලාට පස්සෙත් ..... ඒ මදිවට වහල පුරාම උණ කොළ ..... අල්ලපු වත්තේ තිබුනා දාර උණ පඳුරේ කොල්ල සේරම නැවතුනේ අපේ වහලේ උඩ .... සාලේ වහලට ඉටිකොල ගැහුවට පස්සේ ප්‍රශ්නේ තවත් වැඩි උනා .... එතකොට කලින් තරම තැන් ගානකින් වතුර නොවැටුනත් එක සැරේ වතුර බාල්දියක් විතර එක තැනකට වැටුනා ..... අම්මලාගේ කාමරෙත් එහෙමයි , චූටි මල්ලි ඉපදෙන්න කිට්ටුව සාලේ වගේම ඉටිකොල ගැහුවා දූවිල්ල පොඩි එකාගේ ඇඟට වැටෙයි කියලා .....සිවිලිම් ගහන්න සල්ලි තිබ්බේ නෑ , තාත්තයි එයාගේ යාලුවෝ දෙන්නෙකුඉයි එකතු වෙලා පුලුවන් විදියට ලාබෙට ඒ වැඩේ ගොඩ දාගත්තේ ඒ කාලේ ......
ඉස්සර වැහි දවසට අපි හතර දෙනාම එක කාමරේ එකට තියෙන ඇඳන් දෙකට ගුලි උනාට පස්සේ අම්මලා මාවයි ලොකු මල්ලිවයි කුස්සිය ගාව තිබුන කෑම කාමරෙට මාරු කලා .... ගෙදරටම තිබුනේ කාමර දෙකයි , එකක ආච්ච්යි සීයයි නැන්දගේ දුවලා දෙන්නයි... අනිකේ අපි පස් දෙනා ..... පස්සේ අපි දෙන්නව කෑම කාමරෙට දැම්මේ අපි දැන් තනියම නිදාගන්න තරම් ලොකුයි කියලා ... ඒ කාමරේට එහා පැත්ත කුස්සිය තිබුනේ ..... කිසිම ප්‍රයිවසි එකක් තිබුනේ නෑ ඇත්තටම .....සාලේ මැද බුදියනවා වගේ තමයි .....ඒත් වැහි දාට නම් ආස කලා මම .....ජනෙල් වල බීරලු අස්සෙන් එන හීතල එහෙම පට්ට ... කොච්චර උනත් ගේ තෙම එක තමයි තිබුන ලොකුම කරදරය .... වහලත් දිරලා තිබුන සෑහෙන්න .... ඒත් ඉතින් කොයින්ද සල්ලි , වහලට ශීට් දාන්න සෑහෙන්න ගානක් ඕනි ඒ කාලේත් .... අම්මා කොච්චර වත් හූල්ලනවා වැහි කාලේට ඒ දවස් වල .......තාත්තත් කරන්න කියලා දෙයක් තිබුනේ නෑ ..... ලමයි තුන්දෙනෙක් එක්ක පවුලක් නඩත්තු කරන බර ඒ මනුස්සයේ හිත පිරෙන්න තිබුනේ ...... ඒත් ඉතින් කාලයත් එක්ක හිරිකඩ වලට සීතලට ගුලි වෙලා ඇඳට වෙලා උන්නු කාලයත් ඉවර උනා ..... දැන් මගේ කාමරේට හිරිකඩ වදින්නේ නෑ , ඒත් ජනෙල් වල තියෙන කවුලු වලින් එන සීතලත් හොඳටම ඇති ... ඒත් අර හිරිකඩ වලට දැනුන හැඟීම නම් නෑ තව දුරටත් .... ඒත් මම තාමත් ආසයි , ඉස්සර වගේම වැස්ස වෙලාවට ඇඳ උඩට වෙලා ඇඟ පුරාම රෙද්දක් පෙරවන් හිරිකඩ වල සීතල විඳින්න ... හැබැයි තෙමෙන තැන් වලට භාජන තියන්න යන්න නම් ඔට්ටු නෑ දැන් ....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව