ඉඩක් දෙනවද මෙමට....

අවසරද තවම මට
හිත ඇතුලේ උනුහුමට
තනිකම මකාගන්න
නුඹේ පැලට ගොඩ වෙන්න

නාඹර වු හිත නටන
නුඹේ ආදර බහට
උමතුවී සොයා එන
සෙවන නුඹමයි මටම

සිහිල ගෙනෙනා සුලඟ
සුවඳ මල් වතු මැදින
හමායන ජීවිතය
විඳින්නට ඉඩ හරින

හිමි නැතිද ඉඩක් මට
නුඹේ ඔය සෙවන යට
හිඳින්නම් ඉඩ ඇතොත්
මැරෙනකල් නුඹ ලඟම....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව