නියඟය....

ගිනි අරන් දැවෙන
හිත පැතුම් මල් දවාගෙන
නිවන්නට දැවෙන හිත
පොදක් නැත වහින්නට

ඉඩෝරෙට ඉරිතැලුනු
ගැඹුරු පපු කුහරෙ යට
රිදුම් දෙයි වේදනා
වියලි රලු පොලව මත

මිය ඇදුනු සෙනෙහසේ
 මුදුන් මුල්තව යටට
දිරුනු කඳ හිඳිනවා
මුකුත් නොවුනා විලස

දිය සිඳුනු වැව් තලේ
පුන්චි දිය කඩිත්තක
හිඳිනවා මසුන් තව
පණ කෙන්ද රැක ගන්න

ඉතිරි දිය බිඳත් තව
දින දෙකක සිඳී යන
ඉතින් අවසන්ව
යයි ජීවයද නියඟයට....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව