Posts

සොඳුරු මිරිඟුව

අඳුරත් අරන් මීදුම හිනැහෙන යාමෙක සෙවනැල්ලටත් හොරෙන් ගමන් ගිය කාලෙක තනිවූ මං හීන ලෝකෙක ඔබත් එක්කලා අඳුරු කුටියක සිසිල උණුහුම එකට මිතුරුව මැවූ ඒ සොඳුරුතම අරුමය මුලාවක් බව දැනෙනවිට මට පමාවී ඇත නොදැන නුඹ ගැන මිරිඟුවට ඇද ගමන දිගුකර මාව රවටන මගේ හිත නුඹ තාම මං ලඟ වේදනා දෙන සොඳුරු මිරිඟුව නුඹම තමයි...

මගේ උපන්දිනය....

කම්මැලියි ඇඳෙන් බිමට බහින්නත්..... "ආ උඹ නැගිට්ටද ?? wish u a happy b'day මචං " "thanks බං, උඹ  අද campus යනවද" "ඔව් ඔව් ,අද මට assignment එකක් මම යන්නම් එහෙනම්" "හොඳට assignment  එක කරපන්" "උඹ campus යන්නෙ නැද්ද අද" "මම ටිකක් දවල් වෙලා එන්නම් මචං" "අපි ගියා එහෙනම්" මේ පාලු බෝඩිමේ මම ආයෙමත් තනි වෙලා....හැමෝම ගිහින් අම්මට තාමත් මාව මතක් වෙලා නැහැ වගේ අද.....phone එකට සෑහෙන්න message ඇවිල්ලා විශ් කරලා...ජීවිතේ තවත් එක අවුරුද්දකින් වයසට ගිහින්...හ්ම්...... campus එක පැත්තේ යන්න හිතක් නැහැ......ගෙදර ඉඳපු කාලේ නම් පුලුවන් උන හැම වෙලාවෙම කලුතර බෝධියට යනවා.... ම්......අදත් යනවා කමක් නැහැ...යාලුවොන්ට පස්සෙ treat එකක් දෙනවා..... තාමත් මම ඇඳ උඩ ....ඉක්මනට මුණ හෝදගෙන ලෑස්ති වෙල එන්න ඕනි ම්.....හරි සේරම වැඩ ඉවරයි....මොකේද දැන් කලුතරට යන්නේ...බස් එකේනම් බැහැ ....train එකේම යනවා... ම්....phone එක ring වෙනවා නේද ?? ඇතියන්තම් අම්මට මාව මතක් වෙලා... "සුභ උපන්දිනයක් ලොකු පුතා" "thank u thank u....ඇති යන්තම් ම...

අන් සතු මලකට ඇයි ලොබකම්

මට මගේ ජීවිතේ වැරදුනා...කාගෙවත් වරදින් නෙවෙයි මගෙම වරදින්...ජීවත් වෙන්න තිබුන එකම හේතුව , හිතේ තිබුන බලපොරොත්තුව.....ඒ ඔයා....ඒත් අන්තිමට ඔයත් උවමනාවෙන්ම දුරට ගියා,ගොඩක් දුර.... මට සිද්ද උනේ පිස්සෙක් වගේ ඉබාගාතේ යන්න.... එදා ඔයා අහම්බෙන් මගේ ජීවිතේට ආවා වගේම තවත් කෙනෙක් හදිස්සියේම මගේ ජීවිතේට එන්නේ හිතුවෙවත් නැති වෙලාවක...මගේම කතාව එයාගෙ වචන වලින් මම ඇහුවා....ටිකක් වෙනස් විදියට , ලොකුම වෙනස එයාට මට වගේ තනි නැහැ...එයාගෙ ආදරේ කොච්චර වැරදි කලත් එයාව තනි කරලා නැහැ... ඒත් ඔයා මාව තනි කලා...මට ඔයාට වැරදි කියන්න බැහැ ඒකට...ඒත් ,හ්ම්..........මම දන්නෙ නෑ ඕයි...මට මොකක්දෝ වෙලා කියලා මට දැනෙනවා....අනුන්ගේ මලක්....සුවඳ බලන්නවත් ඉඩක් නැහැ....සුවඳින් මට වැඩකුත් නැහැ... සුවඳ ඇදෙයි මුලු ලොවට හොරෙන් නොවසා ඇති දොර කවුලු තුලින් සුවඳ දිදී පිපුනත් මිදුලේ මල් නෙලන්න නම් තහනම්... ඒත් මොකක්දෝ වෙන්න යනවා කියලත් මට දැනෙනවා....වෙලාවකට බයයි...හිත එහේ මෙහේ දුවනවා,හරිම කලබලයි....වෙලවාවකට මොකක්දෝ මහ බරක් හිත පුරාවට වද දෙනවා... අනුන්ගේ මලක් උනත් දුරින් ඉඳන් ආදරේ කරන්න බැරි කමකුත් නැහැ.....ජීවිතේ හරිම පුදු...

මියැදුනු බලාපොරොත්තුව

පිපෙන කැකුලට මදිව පිනිබිඳු මැලව මිය ඇද වියැලිලා එලෙස මගේ හිත මිය අදියි අද හීන සුනුවී විසිරිලා පතන හිත මගේ නොවෙන සඳ අද දුකයි හදවත ඉරි තලා එහෙත් කෙලෙසක මතක මකන්නද හීන මැවු ඔබ එක්කලා අනුන් සතු මල මගේ නොවේ යයි දන්නවා මම දන්නවා ඒත් මගේ හිත අයාලෙම යයි ඔබව ඉල්ලා හඬ හඬා.....

හිත රිදෙනා තරම

හිත රිදෙනා තරම දැන දැනත් නුඹම යන්න ගිය හැටි පුදුම නුදුරු දිනකදි ඔබම මුණගැසෙන වග නිසැකයි නන්නාඳුනන විලස කෙලස මඟ හරින්නද නුමුදු මා සබඳ අපි තවත් ඈතයි තරිඳු එක් දිනක ඇවිත් කලු අහසට ගෙනා එලියෙන් මා හදම කුල්මත් කෙරුවැයි ඉඳ හිටත් ඇවිත් මගේ හිත් අහසේ පාලුවට ඇවිත් යන්නට නුඹට තවම ඉඩ පවතියි.......

දොස්තර මල්ලීට

පුරා සයවසක් දුක් ගැහැට විඳ සුදු කබායක් පොරවගෙන නුඹ නලාවක් ගෙන කරේ දවටා කොයිද විගහින් පිය මනින්නේ නලා හඬටත් තිගැස්සෙන නුඹ රැයෙත් නිදි නැත අවදියෙන් කොතෙක් වෙහෙසත් ඉවසලා නුඹ කුමට පෙරුමන් පුරන්නේ ඇතත් පවුලක් නැතේ ඉඩකුත් රෝහලේ දිවි ගෙවෙන්නේ එකතු කරනා පිං වලින් නුඹ දිව්‍ය ලෝකය දකින්නේ රුදුරු සසරට චන්ඩිකම් කර එතෙර වන්නට ඉඩ ඇතේ පිං ඇතේ නුඹ එක්කලා හැම ආත්මය සරසනු ඇතේ කාසි මත්තෙම නොනැහෙනා නුඹ මට අගේ නුඹ මට අගේ ඉදින් හැමදා ඔයාකාරෙන් හිඳින් නුඹ මගේ මල්ලියේ.......

නුඹට කියවන්න කවි ලියමි...

නුඹව දුටු දා හීන දුටුවා අතින් එල්ලී දුරක් යන්නට මගක් ආවා ගිලිහුනා අත හීන දුටු ඒ බොඳ වෙලා අද තාම නුහුරුයි තනිකමට හිත තවම ඉල්ලයි උණුහුමට නුඹ නැතේ නුඹ අද අහල පහලක අහන්නටවත් මගේ දුක සැප එදත් ලියු කවි ඔබට පමණයි අදත් තව මං ලියමි කවි පද කොහේ හෝ හිඳ දකියි සිතමින් තවත් ගොතනෙමි නුඹට පෙනෙන්නට.....