පාරේ දුටුව නගා වෙත...

වසාගෙන දෙතන වැහැරුනු රෙදි කඩකින්
ඉනවට ඔතාගෙන හඩුවුනු රෙදි කඩකින්
දෑතින් බදාගෙන මහ මලු කද අතකින්
කොයිබද නගේ නුඹ යන්නේ හති දමමින්

දුටුවා පසු අසුන හිස් ඇති බව සැනෙකින්
වන්නට උනා කවුලුව ලඟ අසුන ඉතින්
වදිනා සුලං රල ඇගෙ මුව වසා හොඳින්
ගානක් නැතිව බෑගය අදිනවා දුටිම්

එවිටයි දුටුවේ මම ඇගේ මුව හරියකට
වපරය ඇසක් මහ දුක්බර මුහුනකය
විසි වස සපුරලා නැති බව පෙනුන මට
බැලු බැල්මටම මහ ගැහැනියක් ලෙස

කොන්දා පැමින මුදලුත් විසමලා ඉතින්
ඇසුනා මටත් ඈ බොරැල්ල කියන රිසින්
නැවතත් මල්ල ඇදලා ඇය හනිහනිකින්
දුන්නා මුදල් කොන්දා වෙත කාසිවලින්

තව ටික දුරක් යනවිට බස් රථය ඉතිම්
ගොඩ උනු පිරිමි අයෙකුන් තිස් වියැති රුවින්
දුටුවා නගෙක් තනි වුනු කවුලුවක් ලඟින්
හිඳුවා අර නගා ලඟ ඔහු සිනා මුවින්

තව ටික වෙලාවකි එහි ගත වූයේ
මේ සියලු දේ දෙස මගේ ඇස වූයේ
හලමින් පැනිය අර මිහිහා හෙමින් හෙමින්
වැටුනා කතාවකටටහ් අර නගා ලඟින්

ගානක් නැතිව ඇය ඔහු හා හිනැහෙන්නේ
විවිදාකාර දේ ගැන මගේ කන වැටහෙන්නේ
මට කම් නැතත් උන්ගේ වැඩ සිතමින්නේ
මම මගේ ගමනට හිත යොමු වන්නේ

දුප්පත් කමට පොදි බැඳගෙන කරපු පවින්
ගෙවලා නිමක් වන්නට මේ භව කතරින්
දුවනා ගමන එක් දිනයක මතක ලෙසින්
දැනුනා මහ දුකක් මට ඒ නගා නමින්....

Comments

  1. අදයි ගොඩවුණේ. අපූරු කවි ටිකක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව