ගමේ මිතුරාට ලියමි...



ඉර බැහැගෙන යන
හැන්දෑවට
ගරා වැටුනු පාලම උඩ
බයිසිකලය උඩ නැගගෙන
තවමත් උඹ ඉන්නවා ඇති
ගමට එන්න නිවා නෑ
අනේ ඉතින් නාඩන් නුඹ
පුලුවන් උනු හැටියෙම මම
ගමට එනවා උඹ බලන්න
සීතල දොල පාරේ බැහැලා
උඹ එක්කලා දිය නාන්න
උඹේ අතින් බත් අනලා
හිතේ හැටියට කවාගන්න
උඹේ අම්මා රහට හදන
බත් අහුරක් කවාගන්න
මං එනවා උඹ බලන්න
පුලුවන් උනු හැටියෙම හෙට....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව